කොරොන වයිරස් ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම් සහ ප්‍රතිචාර සැලැස්මට ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය යි. - ලෝක සෞඛ්‍ය සංවිධානය

Coronavirus 2020 planනව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත.

ගෝලීය වශයෙන් පැතිර යම්න් පවතින නව කොරෝනා වෛරසය (2019-nCoV) පැතිර යාම වැළැක්වීම සඳහා; ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් ආරක්ෂා කිරීම සඳහා; සකස් කර ඇති ගෝලීය පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර සැලැස්ම ඉදිරි තෙමසක කාලය තුළ (පෙබරවාරී සිට අප්‍රේල් දක්වා) ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක මුදලක් වැය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත.

 නව කොරෝනා වෛරස් රෝගය චීනය තුළ තවදුරටත් ඉහළට. ලෝක සෞඛ්‍ය සංවිධානය

Corona - 02-09කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (08) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 34,886 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,419 ක් වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. පෙබරවාරී 07 දින නිකුත් කරන ලද තත්ව වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 10.8% ක් දක්වා යම් අඩු වීමක් වාර්තා වී ඇත. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 34,598 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත‍. නව නව කොරෝනා ව්‍යාප්තිය සළකා බලනවිට 99.23% ප්‍රමාණයකි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.8% තරම් අඩු අගයක් වේ. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 6,101 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 723 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

 

කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා රෝග අවදානම තවදුරටත් ඉහළට, ලෝක සෞඛ්‍ය සංවිධානය

Corona - 02-02කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (02) නිකුත් කරන ලදී. එම තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 14,557 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 2,604 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. මෙම (01) දින වාර්තාවට සාපේක්ෂව රෝගව ව්‍යප්තවීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 20% පමණ වැඩිවීම කි. නමුත් ‍මෙම ව්‍යාප්තිය සළකා බලනවිට 99.5% ප්‍රමාණයක් වාර්තා වන්නේ චීනයෙනි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.5% තරම් අගයක් වේ. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 14,411 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 2,110 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 304ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

නව කොරෝනා වෛරස් රෝගය වැළදුන සංඛ්‍යාව ඉහළට, ලෝක සෞඛ්‍ය සංවිධානය

koronavirusas news 07කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (06) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 28,276 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,722 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. 05 දින නිකුත් කරන ලද වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 15% පමණ වැඩිවීම කි. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 28,060 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත‍. නව නව කොරෝනා ව්‍යාප්තිය සළකා බලනවිට 99.23% ප්‍රමාණයකි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.77% තරම් අඩු අගයක් වේ. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 3,859 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 564 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

 

කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා රෝග අවදානම ඉහළ මට්ටමක, ලෝක සෞඛ්‍ය සංවිධානය

cover pageකොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (01) නිකුත් කරන ලදී. එම තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 11,953 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 2,128 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 11,821 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 1,795 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 259 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079