ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය.

Gampola arny 2020 -1ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් පාඨමාලාවේ අංගයක් වශයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදවත් හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදවත් සිද්ධාන්තික මෙන්ම ප්‍රායෝගිග දැනුම ලබාගැනීමේ අරමුණින් ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Hambantota mayura pura tank  8පසු ගිය දින වල පැවති වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ජලාශ පිරී ගොස් ඇති බැවින් ඇතැම් ජලාශ බැමි අස්ථාවර වීම්, ජලය කාන්දුවීම සිදුවිය හැක. එවැනි අවස්ථාවක් නිරීක්ෂණය වුව හොත් ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හෝ දිස්ත්‍රික් ආපදා කළමනාරකරණ ඒකක දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කොහොලංගල ග්‍රාම නිලධාරී වසමේ පිහිට් මයුරපුර කුඩා වැවේ ජල මට්ටම ඉහළ යාමත් සමග වැවි බැමිමේ කුඩා ජල කාන්දුවක් පසුගිය දා සිදු නිරීක්ෂණය වීමත් සමග හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය හම්බන්තොට නාගරවැව පිහිටි 122 යුධ හමුදා බලසේනාවේ හමුදා නිළධාරීන් සහ භට පිරිසකගේ සහය ඇතිව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරීයේ අධික්ෂණය යටතේ ආරක්ෂාකාරී ලෙස වැඩි ජලය ඉවත් කිරීමට හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරන ලදී.

ඒ අතරම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිලිනොච්චි බටහිර වාරිමාර්ග කලාපයට අයත් කාන්තන්කුලම් වැවේ ඇති වී ඇති ජල කාන්දුව පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අධික්ෂණය යටතේ කිලිනොච්චි ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු සම්බන්ධීකරණය කෙ‍ෙරමින් පවතී.

Hambantota mayura pura tank  6Killinochchiya Kantan kulam  3Killinochchiya Kantan kulam  7

saftey day 2020 22020 වර්ෂයේ දී ද රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් සිදුකර ආපදා වලින් මියගිය ජනතාව පිං පැමිණවිම සිදු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සැලසුම් කර තිබෙන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කෝවිඩ් -19 තත්වය සලකා බලා කොල්ලුපිටිය මල්ලිකා වැඩිහිටි නිවාසයේ වාසය කරන මව්වරුන් හට දානමය කටයුතුත්තක් සිදු කර ආපදාවලින් මිය ගිය ජනතාවට පිං පැමිණවීමට කටයුතු කරන ලදී.

 

 

 

 

 

 

new year 2021 52021 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතු සෞඛ්‍ය සම්පන්න මෙන්ම සියලු දෙනා තම වෘත්තීය තුළ දැනුමින් සපිරි වෘත්තිකයෙකු වශයෙන් කටයුතු කිරීමත් තමා තමාටම අවංක වී ආයතනය තුළ රාජකාරි කිරීමේ වර්ෂයක් වේවා යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2021 වර්ෂය සදහා රාජකාරී ආරම්භ කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.

z p01-Tsunamiජාතික සුරක්ෂිතතා දිනය වන (26) අද දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම  අරමුණු කරගනිමින් දිවයින පුරා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කෙරේ. අද  දින පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට ඔබත් එක්වන්න.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079