Emergency Warnings

rss

 

2024-09-11 Exam Ready gearde 05 5මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් විභාගය පැවැත් වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධාවක් නොවී පවත්වා ගෙන යාම සදහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙතුළින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය තුළ දී ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්ය භාරය වෙන් වෙන් වශයෙන් මෙම සැලසුම තුළ දක්වා ඇත. 

2024-08-13 Presidential election 2024  2එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර මෙම ජනාධිපතිවරණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී, ඡන්ද බලය හිමි සියලු පුරවැසියන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ආපදා කළමනාකරණ වැඩසටහන පිළිබඳව ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අගෝස්තු 13 වන දින පැවැත්විනි.

මැතිවරණ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ හා උපදෙස්වලට අනුකූලව ඕනෑම හදිසි ආපදා අවස්ථාවකදී සෑම පුරවැසියෙකුටම තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග සහ අවශ්‍ය පහසුකම් සපයන බව මෙහිදී අදහස් දක්වමින් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ඒ සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත්, විශේෂයෙන්ම මැතිවරණ කාලසීමාව තුළ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සූදානම් කරන බව තවදුරටත් පැවසීය.

 

18-07-2024 US Aid WFP Aid for Huninitarian Works  2නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමගම පසුගිය දිනවල දිවයිනට බල පෑ අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ගංවතුර,නායයෑම් හා අධික සුළං තත්වයක් ඇති වූ අතර ඉන් දිස්ත්‍රික්ක 14ක පවුල් 75,561 කට අයත් පුද්ගලයින් 286,000 කට අධික සංඛ්‍යාවක් බලපෑමට ලක්විය. විශේෂයෙන්ම ඇතැම් ස්ථාන සඳහා 400mm පමණ වර්ෂාපතනයක් පැය 02ක් වැනි කෙටි කාලයක් තුළ පතිතවීම නිසා අපේක්ෂා නොකළ ආකාරයෙන් විශාල ගංවතුර තත්ත්වයක් වාර්තා විය.

ගංවතුර, නායයෑම් හා අධික සුළං වල බලපෑමට ලක්වූවන් මුදාගැනීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිදුකළ අතර අවතැන් වූ පුද්ගලයන් කඳවුරු ගත කර ඔවුනට අවශ්‍ය සහන ලබාදීම කඩිනමින් සදුකරන ලදී. හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා මෙන්ම සහන ලබාදීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් මත රාජ්‍ය, රාජ්‍ය නොවන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් විපතට පත් වු ජනතාව වෙත සහන ලබාදීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මේ යටතේ ඇමරිකා එක්සත් ජනපද ආධාර වැඩසටහන(US Aid), ලෝක ආහාර සංවිධානය (WFP) විසින් හදිසි ප්‍රතිචාර දැක්වීම් වඩාත් කාර්යක්ෂම කිරීමටත් බලපෑමට ලක් වූ ජනතාවගේ ජනජීවිතය යලි නගාසිටුවීම සඳහාත් වු සහනාධාර 18 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාරදෙන ලදී. විදුලි කියත්(30), වතුර පොම්ප (35), තාපොලින් ශීට් (1000), මුලුතැන්ගෙයි උපකරණ කට්ටල (1500), පොලිසැක් උර (8740) ක් මෙම භාන්ඩ අතරට ඇතුලත් විය.

 

Badullaප්‍රාදේශීය වශයෙන් පවතින ආපදා අවදානම හඳුනාගනිමින් එම තත්ත්වයන් අවමකිරීම සඳහා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් පළාත්පාලන ආයතන සඳහා ප්‍රාදේශීය ආපදා අවදානම් අවමකිරීමේ සැලසුම් සකස් කිරීමේ වැඩසටහන තුළ දී බදුලු ඔය ආශ්‍රිතව පවතින ආපදා අවදානම හදුනාගන්නා ලදී. එසේම මෙම වැඩසටහන තුළ දී බදුලු ඔය ආශ්‍රිතව පවතින ආපදා අවදානම අවම කරගැනීම සඳහා ප්‍රදේශයේ පවතින ප්‍රධාන ජල මුලාශ්‍රයක් වන බදුලු ඔය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව සාකච්ඡා කරන ලදී.

එසේම මානව බලපෑම්වල හේතුවෙන් අවදානමට ලක්වී ඇති බදුලු ඔය සදහා විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් පරිසර හා වන කමිටුවේදී ද අවධාරණය කරන ලදී. එබැවින් බදුලු ඔය ආශ්‍රිතව නිර්මාණයවී ඇති ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සදහා ස්ථිර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ශවකරුවන් සමග විශේෂ සාකච්ජාවක් දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 06 වන දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

Kaluthara Lanslide Inspection 2023 5

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රත්මල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිළධාරිවසමේ පිහිටා ඇති කබරගල කන්දෙහි බටහිර බෑවුම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පැලීම් සහිතව නායයෑමේ අවදානමක් ඇති බවට කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ඉංගිරිය ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් සහ ප්‍රාදේශී්‍ය වශයෙන් කටයුතු කරන පාර්ශවකාර ආයතන නිලධාරීන් සහ  ප්‍රදේශවාසින් සම්බන්ධ කරගනිමින් කබරගල කන්ද ආශ්‍රීතව පවතින නායයෑම් අවදානම් සහිත ස්ථාන නිරීක්ෂණය කිරීමට කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කරන ලදී.

කන්දේ ඇති ඉරි තැලීම් හා පැලීම් හේතුවෙන් නායයෑමේ අවදානම් තත්වයක් පවතින බව නිරීක්ෂණය වූ බැවින් දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ තාක්ෂණික සහය ඇතිව තවදුරටත් නිරීක්ෂණ කටයුතු විධිමත්ව සිදුකර නායයෑමේ අවදානමක් පවතින බවට තහවුරු කර ගැනීමට කටයුතු කරන ලදී.

News & Events

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079