ආපදා තත්වය පිළිබදව නිරංතරයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම පසුගිය පැය විසි හතරක කාලය සළකා බලන විට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් නිල්වලා සහ ගිං ගග ආශ්‍රිතව සුලු ගංවතුර තත්වයක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ දී තවදුරටත් වර්ෂාව ඇතිවුව හොත් පවතින ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පැවසීය.
ඉදිරි දින වලදී කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරු දායක බව ධීවර ජනතාවට දැනුම් දේ.
මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා සහ පුත්තල සිට කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70, 80 දක්වා ඉහළ යාමට හැකියාවක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සෙසු මුහුදු ප්‍රදේශවලද සුලගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යාමට හැකි අතර එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරු දායක බව ධීවර ජනතාවට දැනුම් දේ. එසේම නාවුක කටයුතු වල යෙදෙන පිරිස මුහුදේ රළු ස්වභාවය පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
එසේම වෙරළ සීමාවේ ජල ක්‍රිඩා කිරීම, දිය නෑම නොකරන ලෙසත් වෙරළබඩ සංචාරයේ යෙදෙන පිරිස් කාලගුණ නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ පිලිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇති නිවේදනය
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ ශ්‍රි ලංකාවේ ගිණිකොන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවත් මේ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව ඉදිරි දින කීපය තුළ අවධානයෙන් සිටින ලෙස රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමා අද දින (26) අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට මායිමිව කිලෝමීටර් 1000 කට පමණ ඈතින් මුහුදේ කුණාටු තත්වයක් ඇති වී තිබෙන බවත් මේ හේතුවෙන් අප්‍රේල් මස 28 දින සිට මැයි මස 01 වන දින දක්වා අයහපත් කාලගුණික තත්වයක් ඇති විය හැකි බව අමාත්‍යතුමා දුරටත් දැනුම් දෙන ලදී.
වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උණුසුම් කාලගුණික තත්වය ගණනය කිරීමෙන් සාදනු ලබන උණුසුම් දර්ශකයට අනුව මේ දින වල බොහෝ දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවට ඉහළඋෂ්ණත්වයෙන් බලපෑම් ඇති වෙතැයි කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ හේතුවෙන් ගතයුතු පියවරයන් සම්බන්ධවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.උණුසුම් කාලගුණ තත්වය නිසා ඇතිවිය හැකි ශාරීරික අපහසුතා මග හැර ගැනීමට හා වැළදිය හැකි රෝගාබාධ වලින් මිදීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
අප්‍රේල් මස 25 වන දින වන විට සමකය ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
අද දින (26) බේරුවල සිට ගාල්ල මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3.00 ක් පමණ ඉහළ යාමට හැකියාවක් පවතින බවත් මේ නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණිමට හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
உட்பிரிவுகள்
News & Events
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- කඩිනමින්හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
அவசர தொடர்புகள்
117+94 112 670 002