அவசர எச்சரிக்கைகள்

rss

ඔත්තෝබර් මාසය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල වාර්තා වු ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා කටයුතු කිරීම

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  ඇතිවු ගංවතුර, අධික සුළං, අකුණු, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් හේතුවෙන් 14 වන දින 06.00 පැයට තත්ත්ව වාර්තාව අනුව මේ වන විට දිස්ත්‍රික්ක 12 ක පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 ක් පීඩාවට ලක්වී ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 81 ක පවුල් 1,753 කට අයති පුද්ගලියින් 6,963 රඳවා ඇත. එසේම මෙම ආපදා තත්ත්වයන් නිසා නිවාසයක් පුර්ණ වශයෙන් හානී වී ඇති අතර නිවාස 240 කට අර්ධ හානි සිදු වී ඇති බව වාර්තා වී ඇත. 

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සම්බන්ධීකරණ කිරීම සහ විපතට පත් ජනතාව සෙවීම් සහ මුදවගැනීම් සිදු කිරීම සහා අපාදා අවදානම් අවම කිරීම සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම් සඳහා අදාල පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.  

කොළඹ දිස්ත්‍රික්කය 

 විපතට පත්වූවන් සෙවීම් සහ මුදවාගැනීම්, සහන සේවා ලබාදීම සිදු කරනු ලබන අතර දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිළධාරීන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, විවිධ රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු පාර්ශවකාර ආයතන විසින් සිදු කරමින් පවතී. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජලගැලීම් හේතුතුවෙන් පීඩාවට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම් ඊයේ දිනයේ ද (13) සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව කොළඹබ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයේ ජල ගැනීම් නිසා බලපෑමට පත් ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සහ ආපදා සහන සේවා ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී. 

 2024-10-14 Search and resque operation Colombo  12024-10-14 Search and resque operation Colombo  92024-10-14 Search and resque operation Colombo  8

2024-10-14 Search and resque operation Colombo  22024-10-14 Search and resque operation Colombo  32024-10-14 Search and resque operation Colombo  14

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශයෙහි ආපදා අවදානම් තත්ත්වය සම්බන්ධීකරණ කිරීම සම්බන්ධයෙන් අද (13) දින පැවති රැස්වීමේ දී අවධානය යොමු කළ කරුනු අතර අඹතලේ ජලපොම්පාගාරය ආශ්‍රිත ජලාශයේ බැම්මෙහි ජල කාන්දුවක් පවතින බවත් එබැවින් ජලාශයේ බැම්ම අස්ථාවර වුවහොත් ජලාශයේ පහල නිම්නයේ ජනතාව දැඩි අවදානමකට ලක්විය හැකි බවත් හදුනා ගන්නා ලදී.

ඒ අනුව වැලිවිට ග්‍රාම නිලධාරී වසමේ අඹතලේ ජල පොම්පාගාරයේ ආශ්‍රිත ජලාශයේ බැම්මෙහි ඇති වී ඇති ජල කාන්දුව හේතුවෙන් වැව් බැම්ම අස්ථාවර වීමට ඉඩ ඇති බැවින් හදිසි අවස්ථාවකදී ප්‍රජාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා අවශ්‍ය සයිරන් එකක් ලබා දී එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව හා උපදෙස් ලබාදීමට කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් අද දින (13) කටයුතු කරන ලදී.

මේ අවස්ථාවට වැලිවිට ග්‍රාම නිලධාරී මහතා සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මඟින් ජලාශ බැම්ම ස්ථාවර කිරීම සඳහා වැලි කොට්ට බැම්මක් යෙදීමට කටයුතු කර ඇත.

Ambathale Dam leak and Awareness programme 2024-10-13 1Ambathale Dam leak and Awareness programme 2024-10-13 2Ambathale Dam leak and Awareness programme 2024-10-13 6

 

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ආපදා නිසා පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සේවාවන් ඉතා කඩිනමින් සම්බන්ධීකරණය කර දීමට කටයුතු කිරීම පිළිබඳව සියලු දිස්ත්‍රික් ඒකක වෙත උපදෙස් ලබා දෙන අතර තුර කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පහළ බෝමිරිය ප්‍රදේශයේ ගංවතර හේතුවෙන් විපතට පත් ජනතාව වෙත ගොස් අදාල සම්බන්ධීකරණ ක්‍රියාවලිය තවදුරටක් කාරයක්ෂමව පවත්වාගෙන යාම සම්බන්ධව  නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා අද දින (12) කටයුතු කරන ලදී. 

DG visited see the victims 2024-10-12 1DG visited see the victims 2024-10-12 2DG visited see the victims 2024-10-12 4

DG visited see the victims 2024-10-12 5DG visited see the victims 2024-10-12 6DG visited see the victims 2024-10-12 3

අද දින (12) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලණිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ මෙගොඩ කැලණිය මාර්ගයේ රා කඩේ හංදිය අසල කැලණි ගඟේ ජලය පිටාර දැමීම වැළැක්වීම සඳහා යුධ හමුදාවේ සහය ලබාගෙන වැලි කොට්ට ගැසීමේ කටයුතු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී. 

Sand barrier 2024-10-12 2Sand barrier 2024-10-12 5Sand barrier 2024-10-12 1

පවතින වර්ෂාපතනය හේතුවෙන් දියවන්නා ඔයෙහි ජල මටිටිම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීරණයට ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානම්ක් පැවති බැවින් කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරන ඒකකය විසින් එම තත්ත්වය නිරීක්ෂණය කිරීමට අද (12) දින කටයුතු කරන ලදී. 

Parliament visit 2024-10-12  2Parliament visit 2024-10-12  1parliament

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පහළ බෝමිරිය ප්‍රදේශයේ ගංවතර හේතුවෙන් විපතට පත් ජනතාව  වෙත අවශ්‍ය සහන කටයුතු සම්බන්ධීකරණ කිරීමට මෙන්ම ගංවතුර තර්ජණයට ලක්වී ඇති නිවාස වල ජීවත් වන පිරිස් මුදවාගෙන ආරක්ෂිතව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අද (12) දින කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කරන ලදී.

Colombo Search And reque 2024-10--12  1Colombo Search And reque 2024-10--12  2Colombo Search And reque 2024-10--12  3Colombo Search And reque 2024-10--12  5Colombo Search And reque 2024-10--12  4Colombo Search And reque 2024-10--12  5Colombo Search And reque 2024-10--12  6

 

කළුතර දිස්ත්‍රික්කය 

 දිවයිනට බලපා ඇති වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයක් වන කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පීඩාවට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණය කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සිදු කරන ලදී. ඒ අනුව ජලගැලීම් හේතුවෙන් බලපෑමට ලක් වු පවුල් මුදවාගැනීම සඳහා කළුතර නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බල ඝණය විසින් සිදු කරන ලදී. 

2024-10-14 Millaniya Search and Resque  22024-10-14 Millaniya Search and Resque  52024-10-14 Millaniya Search and Resque  62024-10-14 Millaniya Search and Resque  9

 

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාර්ග අවහිර කරමින් ඇද වැටී තිබූ ගස් ඉවත් කර ගමනා ගමනය යතා තත්වයට පත්කිරීමට කටයුතු කිරීම

කළුතර දිස්ත්‍රික්කය තුලට ඇද හැළෙන දැඩි වර්ෂාපතනය සහ පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කළුතර දකුණ ග්‍රාම නිලධාරි කොට්ටාශයෙහි ටවුන් ක්ලබ් මාර්ගයට අද දින (11) දින ගසක් ඇද වැටීමෙන් එම මාර්ගයෙහි ගමනාගමනයට බාධා ඇතිවූ අතර, මෙම ඒකකයෙහි නියෝජිතයින් සහ කළුතර නාවික හමුදා කඳවුරෙහි භටපිරිස් අදාල ගස කපා ඉවත්කර එම මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත්කිරීමට කළුතර ආපදා කළමනාරකණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී.

Kaluthra Highwind 2024 -10-11 6Kaluthra Highwind 2024 -10-11 4Kaluthra Highwind 2024 -10-11 3

 පොළොන්නරුව දිස්ත්‍රික්කය 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 07 දින සිදු වූ තද සුළං තත්වය හේතුවෙන් අරණගංවිල බටහිර ප්‍රදේශයේ නිවාස 08 කට පමණ හානි සිදු වී තිබූ බැවින් එම නිවාස පරීක්ෂාකර බලා අදාල ආයතන සම්බන්ධීකරණය කිරීමට සහ ගස් වැටීම හේතුවෙන් ගමනාගමනයට සිදු වූ බාධා ඉවත් කිරීමට පොළොන්නරුව ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කරන ලදී.

Highwind Polonnaruwa 2024-10 7Highwind Polonnaruwa 2024-10 11Highwind Polonnaruwa 2024-10 1Highwind Polonnaruwa 2024-10 9Highwind Polonnaruwa 2024-10 10Highwind Polonnaruwa 2024-10 3

කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල දිස්ත්‍රිික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඩවර ජයවර්ධන වැවෙහි වැව් බැම්ම කැඩී යාමේ අවදානමකට ලක්ව තිබූ අතර අවදානම් තත්ත්වය අවම කිරීම සඳහා 9 වන ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලකායේ සහභාගීත්වයෙන් වැලි කොට්ට අතුරා වැව් බැම්ම කැඩීයාම වළක්වාලීම සදහා කටයුතු කිරීමට කුරුණෑගල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී. 

2024-10-13 Kurunegala Tank rehabiitation  72024-10-13 Kurunegala Tank rehabiitation  52024-10-13 Kurunegala Tank rehabiitation  6

 

 

 ගංවතුර ආපදාවට ලක් වූ ප්‍රදේශවල ළිං පවිත්‍ර කිරීම සඳහා ගිල්විය හැකි ජල පොම්ප ලබාදීම.

Handover water pump to DMC  UNDP 42ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයකින් යුතුව මහජනතාව වෙත සැපයීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය පිළිබඳවසහ ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාව සඳහා සුරක්ෂිත පානිය ජල සැපයුමක් සහතික කිරීම වෙනුවෙන් අපවිත්‍ර වී ඇති ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම, සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කර ගැනීම, ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම, යටිතල පහසුකම් ප්‍රතිංස්තරණය කිරීම අදාල පාර්ශවකාර ආයතන විසින් සිදු කරමින් පවතින බැවින් සපුරා ගත යුතු අවශ්‍යතා පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීම ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් කළුතර, කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ගංවතුර ආපදාවට ලක් වු ප්‍රදේශවල පානීය ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම භාවිතා කිරීම සඳහා ගිල්විය හැකි ජල පොම්ප ඒකක 10 ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ලබා දීමට කටයුතු කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)මෙරට වැඩසටහන් භාර නිලධාරීනී මලින් හර්විග් (Ms. Malin Herwig) මහත්මිය විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත මෙම භාණ්ඩ භාරදීම පසුගිය දා සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත්එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දේශගුණ සහ පරිසර පිළිබඳප්‍රතිපත්ති විශේෂඥ බුද්දික හපුආරච්චිඇතුලු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Handover water pump to DMC  UNDP 10Handover water pump to DMC  UNDP 34Handover water pump to DMC  UNDP 42

 

 

කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් ගස් සහ ගල් ඉවත් කිරීම.

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව කොටස මාර්තු 08 වන දින පස්වරු 7.30 සිට තාවකාලිකව වසා දමා අවදානම් තත්ත්වයේ පවතින ගල් ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කරන ලදී.

මෙම කාල සීමාව තුළ කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොළ, අ‍ඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ හෝ කෑගල්ල කරඬුපන හරහා රඹුක්කන හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවරට හෝ මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගය ඔස්සේද මහනුවරට ළඟාවීම සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දෙන ලදී.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමගේ උපදෙස් මත ආපදා කළමනාරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරිය, දැව සංස්ථාව, මාවනැල්ල ප්‍රාදේශීය සභාව සහ පොලීසය ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධ විය.

 

 

2024-06-09Kadugannawa tree Cutting 3 400x6002024-06-09Kadugannawa tree Cutting 2 400x6002024-06-09Kadugannawa tree Cutting 3 400x600

2024-06-09Kadugannawa tree Cutting 2 800x4502024-06-09Kadugannawa tree Cutting 3 800x4502024-06-09Kadugannawa tree Cutting 7 800x450

 

පවතින ආපදා තත්ත්වය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම

2024-06-05 Meeting with Funding and Implementing Agencies 3පසුගිය දින කීපය තුළ ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගනණාවක ක්ෂණික ගංවතුර මෙන්ම නායයාම්, කණ්ඩි කඩවැටීම් ආදී ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 3 පවුල් 65,777 අයත් පුද්ගලයින් 247,406 ක් බලපෑමට ලක් වී ඇති බවත් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 166 පවත්වා ගෙන යන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා අද දින (05) ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් පැවසීය.

ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයෙන් යුතුව මහජනතාව වෙත සැපයීම වෙනුවෙන් වු සම්බන්ධීකරණ යාන්ක්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම රුස්වීම සංවිධානය කරන ලදී. 

ඒ අනුව ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සුරක්ෂිත පානිය ජල සැපයුමක් සහතික කිරීම සදහා අපවිත්‍ර වී ඇති ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම, සෞඛ්‍ය සුරක්ෂිත කරගැනීම, ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම, යටිතල පහසුකම් ප්‍රතිංස්තරණය කිරීම අදාල පාර්ශවකාර ආයතන විසින් සිදු කරමින් පවතින බව සහ සපුරා ගත යුතු අවශ්‍යතා පිළිබඳව මෙම නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

එසේම මෙවැනි ගංවතුර තත්ත්වයන් සඳහා විසදුම් ලබාදීම සඳහා දිගු කාලීන අවමකිරීමේ ව්‍යාපෘති හදුනාගෙන ඇති බවත් ඒවා ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හදුනාගෙන ඇති බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.

විපතට පත් ජනතාව සඳහා අවශ්‍ය ආහාර පානීය ජලය, සෞඛ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් සහ ග්‍රාමීය කමිටු විසින් ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා ආහාර ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් එය තව දුරටත් ශක්තිමත් කිරීම සදහා 1/2020 (1) චක්‍රලේඛය මගින් ලබා දී තිබු සහන වැඩි කිරීමට රජය විසින් කටයුතු කළ බව අමාත්‍යවරයා මෙම නියෝජිත පිරිස අමතමින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

ඒ අනුව එක් පුද්ගලයෙකු සදහා දිනකට ආහාර සදහා පැවති රුපියල් 450.00 මුදල රුපියල් 600 දක්වා වැඩි කළ බවත් එක් පුද්ගලයකු සදහා වියලි ආහාර වෙනුවෙන් සතියක කාලයක් සදහා වෙන් කර තිබු රුපියල් 1,350.00 ක මුදල 1,800.00 දක්වා ද සාමාජිකයින් 02 දෙනෙකු සදහා වු මුදල රුපියල් 1,800.00 සිට 2,400.00 දක්වා ද, සාමාජිකයින් 03 දෙනෙකු සදහා වු මුදල රුපියල් 2,100.00 සිට රු 2,800.00 දක්වා ද, 04 දෙනෙකු සදහා වු මුදල රුපියල් 2,400.00 සිට රු 3,200.00 දක්වා ද, 05 දෙනෙකු හෝ ඊට වැඩි පවුලක් සදහා වු මුදල රුපියල් 2,700.00 සිට රු 3,600.00 දක්වා ද වැඩි කර ඇත.

මෙම දැනුවත් කිරීම රැස්වීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ විය.

2024-06-05 Meeting with Funding and Implementing Agencies 22024-06-05 Meeting with Funding and Implementing Agencies 12024-06-05 Meeting with Funding and Implementing Agencies 92024-06-05 Meeting with Funding and Implementing Agencies 11

2024-06-05 Meeting with Funding and Implementing Agencies 42024-06-05 Meeting with Funding and Implementing Agencies 62024-06-05 Meeting with Funding and Implementing Agencies 7

 

පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස්

Minister Meeting EOC  Emergemcy Response 6

පවතින ආපදා තත්ත්වය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු සමග විශේෂ සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ (03) වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය පරිශ්‍රයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

පසුගිය දින කීපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, කලුතර, කොළඹ, ගම්පහ, රත්නපුර, කෑගල්ල, බදුල්ල, මහනුවර, නුවරඑලිය වන දිස්ත්‍රික්ක වල පීඩාවට පත්වූ ජනතාවට සහණ සැලසීම හා විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් ලේකම් වරුන්ට බලපාන් ගැටළු සදහා ක්ෂණික විසදුම් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

 

Cover loපෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය.

මේ නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් මේ දිනවල ක්‍රියාත්මක කෙරේ.

Heat 2024-03-11මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
එම දෙපාර්තමේන්තුවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් මෙම කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පවතින උණුසුම්කාරී කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

 

IDRR Day 2022 newThe United Nations General Assembly has designated 13th October as the International Day for Disaster Risk Reduction (IDDRR) to promote a global culture of disaster risk reduction.

The 2022 edition of this international day will focus on “Target G” of the Sendai Framework and the objective is “substantially increase the availability of and access to multi-hazard early warning systems and disaster risk information and assessments to people by 2030”.

In commemorating the IDDRR 2022, the Disaster Management Centre (DMC), Sri Lanka as the focal point for disaster risk management in the country is hosting a national commemoration programme on 13th October 2022 at hotel Cinnamon Lakeside, Colombo, Sri Lanka from 09.00 to 14.00 hours {(IST) UTC +5:30} as a hybrid (i.e. virtual and with physical presence) event.

The programme content is enriched with talks by international and local guest speakers on different aspects relevant to the event's core theme “Early warning and early action for all: Leave no one behind”. The event will conclude after a brief interactive summing up discussion done by the invited panellists. 

Together we could create greater awareness to save the lives of our people through multi hazard, end to end and people centred early warning systems.

We invite you to join this event to be held on 13th October 2022 by registering using the link below;

Topic: Early warning and early action for all: Leave no one behind   
Time: Oct 13, 2022 09:00 AM Colombo

Join Zoom Webinar
https://us02web.zoom.us/webinar/register/WN_OaBHiy36RGe1fvxoNIhOGw

Webinar ID: 
828 0448 8953
Passcode:  
753285

 

 

உட்பிரிவுகள்

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052