ඉදිරියේදී නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කරලීම මගින් ජනතාව හා දේපල සුරක්ෂිත කර ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පැවැත්වීමට නියමිත ආපදාවට පෙර සූදානම - දෙසති වැඩසටහන පිළිබඳව මාධ්‍යය ආයතන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2018.05.17 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

 2018.05.21 සිට 2018.06.03 දක්වා මෙම විශේෂ දෙසතියක දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සිදු විය යුතු පූර්ව සූදානම හා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙන්ම හදිසි ආපදා තත්ත්වයකදී ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

පසුගිය දෙවසරක දත්ත උපයෝගී කර ගනිමින්, මෙවර නිරිත දිග මෝසම් සක්‍රය වීම තුළ අවධානමට ලක් විය හැකි දිස්ත්‍රික්ක 11 ක් පූර්වේක්ෂණය කර ඇති අතර, මෙම දිස්ත්‍රික්කයන්හි ග්‍රාමසේවා වසම් කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ දෙසති දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් හා අනිකුත් සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052