Galle Fire fiting Programme 07-22 2ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව මහජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය නිළධාරි දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ගිනි ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් බෙන්තර SOS රාජ්‍ය නොවන සංවිධාන පරිශ්‍රයේ දී ජූලි මස 11 දින පැවැත්විණි.

බෙන්තර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්,සෞඛ්‍ය නිලධාරින්, පොලිස් නිලධාරින් ඇතුළු ටෙලිකොම්, සමුපකාරය, විදුලිබල මණ්ඩලය සහ බෙන්නර ප්‍රාදේශිය සභාව යන ආයතන වල සේවය කරන නිලධාරින් මෙම වැටසටහන සදහා සහභාගී විය.

ගිනි ආපදාව පිළිබදව දැනුවත් කිරීම සහ එවන් අවස්ථාවක දී සිදු විය හැකි හානිය අවම කර ගැනීම සදහා සැලසුම් සහගතව ක්‍රියා කළ යුතු ආකාරයත් හා සාමුහිකව ආපදා තත්ත්වයක දී කටයුතු කිරීම පිළිබදව අදාල නිළධාරීන් දැනුවත් කිරීම පියවර ගනු ලැබිණි.

Galle Fire fiting Programme 07-22 3   Galle Fire fiting Programme 07-22 4   Galle Fire fiting Programme 07-22 5

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052