Drone  Puttalm 3පුත්තලම නගර සීමාව ඉතා සුළු වර්ෂාවක දී වුව ද ජල ගැලීම් ආපදා තත්ත්වයට ලක් වේ. පසුගිය මැයි මස 24 දින ඇති වූ වර්ෂාවත් සමඟ නගරයේ බොහෝ ප්‍රදේශ වල ක්ෂණික ගංවතුර තත්වයක් වාර්තා වු අතර පාසල්, නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ අනෙකුත් සමාජ ආර්ථික යටිතල පහසුකම් ජලයෙන් යට විය. මෙම කාල සීමාවතුල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ අතර සිසු දරුවන්ගේ විභාග කටයුතු වලට ද ඉන් බාධා එල්ල විය.

පුත්තලම් නගර සීමාව තුළ මෙසේ ක්ෂණික ගංවතුර තත්වයක් නිර්මාණය වීම සදහා බලපෑ හේතු සාධක සොයා බැලීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මඟපෙන්වීම යටතේ පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය විසින් සිදු කරන ලදී. මෙම අධ්‍යයනය අනුව පුත්තලම නගර සීමාව තුළ සුළු වර්ෂාවක දී පවා ගංවතුර තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන හේතු සාධක වශයෙන් කාණු පද්ධතියට නගරයේ කැළි කසළ බැහැර කර තිබීම නිසා කානු පද්ධතිය අවහිර වී තිබීම, අනවසර ඉදිකිරීම් විශාල වශයෙන් සිදුකර තිබීම නිසා ජල බැස යන මාර්ග අවහිර වීම සහ පහත් බිම් ප්‍රදේශ ගොඩ කර තිබීම, ප්‍රදේශයේ ජලය බැස යාම යොදා ඇති බෝක්කු ප්‍රමාණවත් නොවීම නිසා ජල බැස යාමේ අවහිරතා, ජලය බැස යාමට ඇති කාණු පද්ධතිය තාවකාලික කාණු පද්ධතියක් ලෙස භාවිතා කිරිම සහ කාණු පද්ධතිය නිසි ආකාරව නඩත්තු නොකිරීම වැනි කරුණු නිරීක්ෂණය කර තිබිණි.

මෙම හේතු සාධක තවදුරටත් සනාථ කර ගැනීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මඟපෙන්වීම යටතේ පුත්තලම නගර සීමාවේ සිට කලපුව දක්වා ජලය ගලා බසින ප්‍රධාන ඇළ මාර්ග හා කාණු පද්ධතිය ඩ්‍රෝන කැමරා යොදාගනිමින් පරීක්ෂා කිරීමට ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය පියවර ගැනිණි.

Drone  Puttalm 4  Drone  Puttalm 2  Drone  Puttalm 1

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079