INSARAG Training Course 2022-06-20 28අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ප්‍රමිතීන්ට අදාල වන අකාරයට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන යටතේ පවත්වන පළමු පුහුණු වැඩසටහන කොළඹ ගිණි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, ගඟේ වාඩිය නාවික හමුදා ආපදා ප්‍රතිචාර දැක්වීමේ පුහුණු පාසල හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා විශේෂ කාර්යය බලකා මූලස්ථානය යන පුහුණු පාසල් ආශ්‍රිතව මේ දින වල පැවැත්වේ. මෙහි සමාරම්භක උත්සවය ආපදා කළමකාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන් නිළධාරී වෛද්‍ය සපුමල් ධනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ගිණි නිවීමේ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද දින (20) පැවැත්වුණු අතර අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ආසියා ශාන්තිකර කලාපීය සම්බන්ධීකාරක හරුකා එසාකි (Haruka Esaki) මහත්මිය මාර්ග ගත ක්‍රමවේදය මගින් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුධ, ගුවන් සහ නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ සුවසැරිය ගිලන් රථ සේවය වන ආයතන නියෝජනය කරමින් නිළධාරීන් 40 ක කණ්ඩායමක් මෙවර අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) පුහුණුව සදහා තොරාගෙන ඇත.

INSARAG Training Course 2022-06-20 2 INSARAG Training Course 2022-06-20 5 INSARAG Training Course 2022-06-20 11

INSARAG Training Course 2022-06-20 19  INSARAG Training Course 2022-06-20 21  INSARAG Training Course 2022-06-20 33

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052