World Ocen Day 2022 1

දෛනික ජීවිතයේ දී සමෘද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සැම කෙනෙකුගේම වගකීමක් සහ ඒ සදහා සෑම කෙකෙනෙත්ම ක්‍රියාකල යුතු ප්‍රධාන භූමිකාවන් පිළිබද අවධානය යොමු කරනමින් සාගර පුනර්ජීවනය සඳහා සාමුහිකවනැගී සිටිමු"යන තේමාව මුල්කරගනිමින් මෙවර ලෝක සාගර දින සැමරුම පසුගිය දා පැවැත්විණී.

මෙවර ලෝක සාගර දින සැමරුම වෙනුවෙන් සමුද්‍රීය ආපදාවන් අවම කිරීම සහඑවැනිආපදාවකදී සාමූහිකව කටයුතු කිරීම වැදගත් කම යන තේමාව ඔස්සේ විශේෂ දේශනයක් සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහභාගී විය.

තිරසාර සංවර්ධනයක් උපාය මාර්ග තුළින් "සුපිරිසුදු වෙරළ තීරයක් සමගින් සෞඛ්ය සම්පන්න සාගරයක්" අනාගත පරපුරට දායාද කිරීම, තිරසර සාගරික සම්පත් පරිහරණයේ දී සාමුහික වගකීම, සමුද්‍රීය ආපදාවන් අවම කිරීම සහඑවැනිආපදාවක දී සාමූහිකව කටයුතු කිරීම පිළිබද විද්වත් සාකච්ඡාවක් මීට සමගාමීව සංවිධානය කර තිබිණි.

 

සාමෘද්‍රීය පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද ලෝක සාගර දින සැමරුම් උළෙල සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදාව,වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියයෝජිතායතනය ඇතුලු රාජ්‍ය අයතන සහ විශ්වවිද්‍යාලීය විද්වතුන් ගේ සහභාගිත්වයෙන් මෙම විද්වත් සංකච්ඡාව පැවැත්විණි.

World Ocen Day 2022 2  World Ocen Day 2022 4  World Ocen Day 2022 8

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052