SLIDA Training Course 2022-06-07 9ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ සිව් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානයකර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන ජූනි මස 7-10 දින දක්වා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී පැවැත් වේ.

ආපදා අවදානම් කළමනාකරණ සංකල්ප, ආපදා කළමනාකරණය පිළිබද නෛතික සහ ආයතනික රාමුව, ආපදා පෙරසුදානම් සැළසුම් සකස්කිරීම, ආයතනික ආපදා කළමනාකරණ සැළසුම් සකස් කිරීම, අන්තර් ජාතික මානුෂීය ආධාර, කාලගුණික හා දේශගුණික වෙනස්කම් හේතුවෙන් ඇතිවිය හැකි ආපදා සහ එහි බලපෑම, ගංවතුර ආපදා කළමනාකරණය, නායයෑම් ආපදා අවදානම් කළමනාකරණය, භූකම්පන අවදානම් කළමනාකරණ, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ආපදා සහන සේවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය, ප්‍රජා මුලික ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි ආපදා තත්වයක දී මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සහ ඒ සදහා පවතින ජාත්‍යන්තර ප්‍රමිති ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවක් මෙම පුහුණු වැඩසටහන තුළින් ආවරණය කෙරේ.

 

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය ඇතුලු නිළධාරී පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

SLIDA Training Course 2022-06-07 2 2 SLIDA Training Course 2022-06-07 3 SLIDA Training Course 2022-06-07 8

SLIDA Training Course 2022-06-07 4 SLIDA Training Course 2022-06-07 5 SLIDA Training Course 2022-06-07 6 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052