IOTWMS communication testing programme  2022-03-08  DMC 37

සුනාම් ආපදාවක දී ඉන්දීය සාගර කලාපයේ රටවල ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම සදහා ස්ථාපිත කර ඇති ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතිය (IOTWMS) කලාපීය වශයෙන් සුනාමි ආපදාවක දී ඒ ඒ රවටල්වල පවතින පෙරසුදානම වාර්ෂිකව පරීක්ෂා කරනු ලබයි. ඒ අනුව සුනාමි ආපදාවක දී ජනතාවට පුර්ව අනතුරු ඇගවීම සදහා ස්ථාපිත කර ඇති අනතුරු ඇගවීමේ සංනිවේදන පද්ධතිවල කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමේ කලාපීය වැඩසටහනක් අද දින (08) පෙරවරු 11.30 සිට පස්වරු 12.15 දක්වා කාලය තුළ කලාපීය මට්ටමින් පැවැත්විණි.

ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතිය හා සම්බන්ධ කටයුතු කරන සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ද මෙම පෙරහුරු වැඩ සටහනට සහභාගී වූ අතර අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනට ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලු ජාතික මට්ටමේ පාර්ශවකාර ආයතනවල හා සියලුම වෙරළබඩ දිස්ත්‍රික්කවල ස්ථාපිත කර ඇති සංනිවේදන පද්ධතිවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30 ට ඉන්දුනීසියා උතුරු සුමාත්‍රා දිවයින ආසන්නයේ රික්ටර් මාපක 9.2 ක භූමිකම්පාවක් සිදු වේ යැයි උපකල්පනය කරමින් මෙම පෙරහුරු වැඩ සටහන පැවැත් වුණු අතර සුනාමි ආපදා තත්වයක දී සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි අනුව ඒ ඒ ස්ථරවල වගකීම් සහ ක්‍රියාකළ යුතුර ආකාරය, සංනිවේදන පද්ධති සහ පුර්ව අනතුරු ඇගවීම් ක්‍රමවේද ක්‍රියාකාරීත්වය හා කාර්යක්ෂමතාවය පරීක්ෂා කිරීම මෙමගින් සිදු කරන ලදී.

සැබැවින් ම ඇතිවිය හැකි ආපදාතත්වයක දී සිදුවිය හැකි අඩුපාඩු අවම කර ගනිමින් ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිතාව තහවුරු කිරීම මෙවැනි පෙරහුරු අභ්‍යාස සංවිධානය කිරීම තුළින් අපේක්ෂා කෙරේ.

IOTWMS communication testing programme  2022-03-08  DMC 15  IOTWMS communication testing programme  2022-03-08  DMC 36  IOTWMS communication testing programme  2022-03-08  DMC 28

IOTWMS communication testing programme  2022-03-08  DMC 20  IOTWMS communication testing programme  2022-03-08  DMC 19  IOTWMS communication testing programme  2022-03-08  DMC 22 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052