Emergency Warnings

rss

Sec visit 2022-06-03 2

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ අංශයෙහි වත්මන් පරිපාලනය, ක්‍රියාකාරීත්වයන් සහ ඉදිරි සැලසුම් අද දින (2022.06.03) උදෑසන අධීක්ෂණයට ලක් කරන ලදි. මෙම සාකච්ඡාව ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණ අතර, මේ සඳහා ආපදා කළමනාකරණ අංශයෙහි සියලූම ආයතන ප්‍රධානීන් සහ විධායක නිලධාරීන් සහභාගී විය.

මෙම සාකච්ඡාවේදී ඉදිරියේදී ගතයුතු පරිපාලනමය ක්‍රියා පිළිවෙත සහ ආයතන ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන අධ්‍යක්ෂ ජනරාල්වරුන් ජනතාවගේ සුරක්ෂිතතාවය සඳහා ඔවුන් විසින් කළ යුතු කාර්යභාරය මෙන්ම විද්‍යාත්මක සහ තාක්ෂණික වගකීම් සබැඳි පැහැදිලි උපදෙස් ලබාදෙන ලදී.

Sec visit 2022-06-03 3  Sec visit 2022-06-03 4  Sec visit 2022-06-03 5

Sec visit 2022-06-03 1

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079