Press  Infomation Dept 01පවතින ආපදා අවදානම් කාරීතත්වය ක්‍රමයෙන් පහව ගිය ද ආපදා අවදානම් ප්‍රදේශවල ස්ථාන ගත කර ඇති සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් තවදුරටත් ස්ථාන ගතකර තිබෙන බවත් ඩෙංගු රෝගී තත්වය ක්‍රමයෙන් පැතිරී යාමේ අවදානමක් පවතින බැවින් ඔබගේ නිවස අවට මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙම්න් පැවසීය.

එසේම පසුගිය දින කීපය තුළ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු ආපදා තත්වය නිසා දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 43 ක පවුල් 5,357 කට අයත් පුද්ගලයින් 22,338 ක් බල පෑමට ලක් වී ඇති බවත් නිවාස 174 කට අර්ධ හානි සිදු වී ඇති බවත් කණ්ඩි කඩාවැඩීම් 130 ක් සහ ඉවුරු කඩාවැටීම් 38 ක් සහ අවාසනාවන්ත ලෙස එක් මරණයක් වාර්තා වී ඇති බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.

පිඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට සහ හැනි පුර්ණය කිරීම සදහා අදාල වන්දි මුදල් ලබාදීට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් ලබාදීමට කටයුතු කරන බවත් පැවසු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආපදා දැඩි අවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙත ලබා දෙන පුර්ව දැනුවත් කිරීම් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

එසේම ආපදා කළමාකරණ මධ්‍යස්ථානය ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීමට බැදී සිටින බැවින් 117 අංකය මගින් ඔබට මුහුණදීමට සිදුවන අවදානම්කාරී තත්වයන් පිළිබද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ද ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටින ලදී.

Presss  information Dept 2

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052