ඊයේ දින (31) පැවති අයහපත් කාලගුණික තත්වය නිසා රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්, විභාග මධ්‍යස්ථාන රාජකාරී වල යෙදෙන නිළධාරීන් හට මුහුණ පෑමට සිදු වු දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැනීමට කටයුතු කරන ලදී.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, අතුරලිය සහ අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විභාග මධ්‍යස්ථාන වෙත යාමට ඇති ප්‍රවේශ මාර්ග අවහිරවීම නිසා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මංඩල සදහා ප්‍රවාහන පහසුකම් ලබාදීම, විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 613 වන බල සේනාංකය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන සහ පොලීසිය ආයතන සම්බන්ධීකරණ කරමින් පහසුකම් සළසා දීමට කටයුතු කරන ලදී.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, තවලම සහ ඉමදුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල විභාග මධ්‍යස්ථාන වෙත යාම සදහා ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම නිසා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මංඩල සදහා ප්‍රවාහන පහසුකම් සලසා දීමට කටයුතු කරන ලදී.
එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් සාමාන්‍යපෙළ විභාගයට සිදුවිය හැකි බාධාවන් මගහැර ගැනීම සදහා ඔරු සහ අඟුල් 200 ක් බෝට්ටු 33 ක් සහ නාවික හමුදා කණ්ඩ 03 ක් ද ස්ථාන ගත කර ඇති අතර මෙමගින් විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මංඩල සදහා ප්‍රවාහන පහසුකම් සලසා දීමට කටයුතු කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් සහ විභාග කොමසාරිස් ජෙනරාල්ගේ අධීක්ෂණය යටතේ දිවයින පුරා සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැළසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදා තත්වයන් නිසා ඇතිවන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය පවත්වාගෙන යාමට ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා මනා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලදී
එසේම මෙම කාර්ය පහසු කිරීම සදහා ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 සහ විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්නධීකරණ කාර්යාලයේ හදිසි ඇමතුම් අංක 1911 යන ක්ෂණික දුරකථන අංක පැය 24 පුරා ක්‍රියාත්මක කෙරිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන වෙත යාම සදහා ඇති වු බාධාවන් මග හරිමින් අවශ්‍ය පහසුකම් සැලසීම.
මාතර දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන වෙත යාම සදහා ඇති වු බාධාවන් මග හරිමින් අවශ්‍ය පහසුකම් සැලසීම.
රත්නපුර දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන වෙත යාම සදහා ඇති වු බාධාවන් මග හරිමින් අවශ්‍ය පහසුකම් සැලසීම.