වර්තමානයේ රට තුළ වැඩිවෙමින් පවතින ආපදා අවදානම් තත්වයන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අභියෝගය ජයගැනීම සඳහාත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහාත් නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුද්න්ත රණසිංහ මහතා නිරතුරුව උපදෙස් සහ මගපෙන්වීම් සිදු කරනු ලැබේ.
ඒ අනුව අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව අවදානම් කළමනාකරණය, ක්ෂණික ප්‍රතිචාර දැක්වීම්, සෙවීම් සහ මුදවා ගැනීම් ක්‍රියාවලිය සහ ආපදා සිදුවන ස්ථාන ක්ෂණිකව නිරීක්ෂණය සහ අවශ්‍ය ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම අරමුණු කරගනිම්න් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් හට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම පිළිබදව සිද්ථාන්තික සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් මැයි මස 24 සහ 25 යන දෙදින තුළ ආපදා කළමනකරණ මධ්‍යස්තානයේ දී පැවැත් විය. එහි ප්‍රායෝගික පුහුණු වැඩමුළුව ඊයේ දින නාරාහේන්පිට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීම් සංස්ථා ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී.