කලු ගංගා ද්‍රෝණියට ඇද හැලුණු වර්ෂාව නිසා කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෝල්කාව ප්‍රදේශයට අද දින (25) ක්ෂණික ගංවතුර තත්වයක් වාර්තා විය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට මෙම තත්වය නිසා මුහුණ පෑමට සිදු විය හැකි දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැනීමට කටයුතු කරන ලදී.
දිවයින පුරා සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැළසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදා තත්වයන් නිසා ඇතිවන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය පවත්වාගෙන යාමට ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා මනා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. එය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් සහ විභාග කොමසාරිස් ජෙනරාල් විසින් අධීක්ෂණය කරනු ලබයි.
මෙම කාර්ය පහසු කිරීම සදහා ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 සහ විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්නධීකරණ කාර්යාලයේ හදිසි ඇමතුම් අංක 1911 යන ක්ෂණික දුරකථන අංක පැය 24 පුරා ක්‍රියාත්මක වේ.