Emergency Warnings

rss

Access to Examinations Amidst Disasters - Ordinary Level Examinations 2022-1පැවති කෝව්ඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් පසුගිය වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය නොපැවත් වු අතර එය මෙවර මැයි 23 දින ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත. වර්තමානය වන විට නිරිත දිග මෝසම් තත්වය සක්‍රීය වී ඇති අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.  ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ආපදා නිසා ඇතිවිය හැකි බාධා අවම කරගැනීමට අවශ්‍ය ආපදා පෙරසුදානම් සැළසුම් සකස් කර ඇත. 

යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ  විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්නධීකරණ කාර්යාලය අංක 1911 යන දුරකථන අංක වලට ඇමතුමක් ලබා දීම මගින් අදාල ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව පවතී. 

මෙවර විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට ආපදා හේතුවෙන් මුහුණ පෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සදහා කටයුතු කිරීම වෙනුවෙන් මෙම දුරකථන අංක පැය 24 පුරාවට ක්‍රියාත්මක වේ. 

එසේම මෙවර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ඇතිවන ඕනෑම ආපදා තත්වයකට මුහුණදීම සදහා ආපදා අවදානම් දිස්ත්‍රික්ක සදහා සෙවීම් මුදවාගැනීම් කණ්ඩ සුදානම් කර ඇති බවත් එවැනි තත්වයකට මුහුණ දීමට සිදුවන්නේ නම් ආපදා කළමනාකරණ අංශ අමතන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ඉල්ලා සිටී. 

එසේම ආපදා අවදානම පිළිබදව තාක්ෂණික අංශ විසින් ලබා දෙන නිවේදන පිළිබදව අවධානය යොමු කිරීමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමත් තුළින් ඇතිවිය හැකි බාධා අවම කර ගත හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පෙන්වා දෙන ලදී.

එසේම පසුගිය සමයේ ඇති වූ වර්ෂාවත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තාවන බවත් මේ නිසා විභාග මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියාත්මක වන පාසැල් පරිශ්‍ර ආශ්‍රිතව මදුරුවන් බෝවිය හැකි ස්ථාන ශුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු කරන ලෙසත් එසේම නිවාස ආශ්‍රිත මදුරුවන් බෝවන ස්ථාන ඇතිනම් ඒවා විනාශ කිරීමට කටයුතු කරන මෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී.  එසේම ගංවතුර අවදානම් ප්‍රදේශ ආශ්‍රිතව මී උණ ව්‍යාප්ත විය හැකි බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් අපවිත්‍ර ජලයේ බැස කටයුතු කිරීමෙන් වැළකී සිටින ලෙසත් තවදුරතටත් ඉල්ලා සිටී.

මේ පිලිබද විස්තර දැනගැනීම සදහා
More information Click Here
மேலதிக தகவல்களிற்காக இங்கு அழுத்தவும்;

Access to Examinations Amidst Disasters - Ordinary Level Examinations  1  Access to Examinations Amidst Disasters - Ordinary Level Examinations  12  Access to Examinations Amidst Disasters - Ordinary Level Examinations  13

 

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.  

පැවති කෝව්ඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් පසුගිය වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය නොපැවත් වු අතර එය මෙවර මැයි 23 දින ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත. වර්තමානය වන විට නිරිත දිග මෝසම් තත්වය සක්‍රීය වී ඇති අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.  ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ආපදා නිසා ඇතිවිය හැකි බාධා අවම කරගැනීමට අවශ්‍ය ආපදා පෙරසුදානම් සැළසුම් සකස් කර ඇත.

යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ  විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්නධීකරණ කාර්යාලය අංක 1911 යන දුරකථන අංක වලට ඇමතුමක් ලබා දීම මගින් අදාල ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව පවතී.

මෙවර විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට ආපදා හේතුවෙන් මුහුණ පෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සදහා කටයුතු කිරීම වෙනුවෙන් මෙම දුරකථන අංක පැය 24 පුරාවට ක්‍රියාත්මක වේ.

එසේම මෙවර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ඇතිවන ඕනෑම ආපදා තත්වයකට මුහුණදීම සදහා ආපදා අවදානම් දිස්ත්‍රික්ක සදහා සෙවීම් මුදවාගැනීම් කණ්ඩ සුදානම් කර ඇති බවත් එවැනි තත්වයකට මුහුණ දීමට සිදුවන්නේ නම් ආපදා කළමනාකරණ අංශ අමතන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ඉල්ලා සිටී.

එසේම ආපදා අවදානම පිළිබදව තාක්ෂණික අංශ විසින් ලබා දෙන නිවේදන පිළිබදව අවධානය යොමු කිරීමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමත් තුළින් ඇතිවිය හැකි බාධා අවම කර ගත හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පෙන්වා දෙන ලදී.

එසේම පසුගිය සමයේ ඇති වූ වර්ෂාවත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තාවන බවත් මේ නිසා විභාග මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියාත්මක වන පාසැල් පරිශ්‍ර ආශ්‍රිතව මදුරුවන් බෝවිය හැකි ස්ථාන ශුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු කරන ලෙසත් එසේම නිවාස ආශ්‍රිත මදුරුවන් බෝවන ස්ථාන ඇතිනම් ඒවා විනාශ කිරීමට කටයුතු කරන මෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී.  එසේම ගංවතුර අවදානම් ප්‍රදේශ ආශ්‍රිතව මී උණ ව්‍යාප්ත විය හැකි බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් අපවිත්‍ර ජලයේ බැස කටයුතු කිරීමෙන් වැළකී සිටින ලෙසත් තවදුරතටත් ඉල්ලා සිටී.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079