ධීවර සහ නාවුක ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
දිවයින ආශ්‍රිතව සුළං අභිසාරී කලාපයක් වර්ධනය වීම හේතුවෙන්, කන්කසන්තුරය සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එසේම මුහුදු රළු වන අතරම මෙම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 ත් 2.5 ත් අතර ඉහළ යා හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
එබැවින් ඉදිරි පැය 24 ක කාලය තුළ මෙම මුහුදු කලාප වල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.