දිවයිනට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය අද (08) දින නිවේදනය කර ඇත.
මෙම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සමකයත් උතුරු අක්ෂාංශ 04 ත් නැගෙනහිර දේශාංශ 85 – 95 ත් අතර මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ක්ෂණිකව පැයට කිලෝමීයර් 70 ක් 80 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත.
එහෙයින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකෙන ලෙසත් එසේම දැනට මෙම ප්‍රදේශවල මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රා හැකි ඉක්කමනින් ගොඩබිමට හෝ ආරක්ෂික කලාප වෙත යාත්‍රා කරන ලෙසත් දැනුම් දේ.
එසේම ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ජනතාව ඉදිරි කාලගුණ නිවේදන පිළිබදව දැඩි අවධානයෙන් යුතුව කටයුත කරන ලෙසත් එසේම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.