Monsoon Preparedness Meeting 06-05-22 1අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන මැයි මස 06 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

පසුගිය වසරවල නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව අවධානය යොමු කරමින් එලැඹෙන මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කරගැනීම මෙම වැඩසටහ‍නේ මූලික අරමුණ විය.

මෙවර නිරිත දිග මෝසම තත්වය මැයි මස තුන්වන සතිය වන විට සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බවත් උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්යට නිරිත දිග මෝසම් වර්ෂාව පෙර වර්ෂවලට සාපේක්ෂව වැඩි විය හැකි බවත් පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු සදහන් ලදී. එසේම මෙම කාලසීමාව තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන කලාප වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් පුරෝකථනය කරනු ලබන වර්ෂාපතනය ඉක්මවා වර්ෂාව ලැබිය හැකි බව මෙහි දී පෙන්වා දෙන ලදී. මේ නිසා මෙම කාල සීමාව තුළ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණවිද්‍යා නිවේදන පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් බව පෙන්වා දෙන ලදී.

කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පුරෝථන පදනම් කර ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් ආපදා අවදානම නිරීක්ෂණ කිරීම සදහා කටයුතු කරනු ලබන බවත් අදාල නිවේදනය අනුව කටයුතු කිරීමේ වැදගත් කමත් අවධාරණය කරන ලදී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවල ජල මට්ටම සළකා බැලීමේ දී 71% ක පමණ ප්‍රතිශකයක් ජලය පිරී පවතින බවත් ඒ නිසා වර්ෂාපතන රටාව පිළිබද නිරංතර නිරීක්ෂණය කිරීම සිදු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දුන් අතර ආපදා කළමනාරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙන මාර්ගෝප දේශ අනුව කටයුතු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී.

නිරිත දිග මෝදම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදාවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් අදාල පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් කිසියම් ආපදා තත්වයක් නිසා බලපෑමට ලක්විය හැකි ජනතාව තවමත් කෝවිඩ් අවදානම පහව ගොස් නොමැති බැවින් සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන නිසා සුරක්ෂිත මධ්‍යස්ථාන සදහා පාසැල් භාවිතා කිරීමට නොහැකි බැවින් හැකිතාක් දුරට ඥාතී නිවාස හෝ විකල්ප ක්‍රමවේ ද අනුගමනය කිරීමට මහජනතාව උනන්දු කරවීම පිළිබද අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම කාලසීමාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බැවින් නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඇති විය හැකි අවදානම අවම කරගැනීම සදහා දීප ව්‍යාප්ත මට්ටමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් සංවිධානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර ඇති බවත් නිරිත දිග මෝසම් වැසි සමයේ බලපෑමට ලක්වන ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම සදහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහාතා පැවසීය.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සම්බන්ධ වූ අතර ත්‍රිවිධ හමුදා‚ රාජ්‍යය නොවන සංවිධාන, පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී විය.

මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන සදහා තාක්ෂණික ආයතන විසින් සිදු කරනු ලැබු ඉදිරිපත් කිරීම පහතින් බාගත කර ගත හැකිය.

  1. කාලගුණවිදා දෙපාර්තමේන්තුව
  2. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
  3. වාරිමාර්ග දෙපාර්තමේන්තුව
  4. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
  5. සෞඛ්‍ය අමාත්‍යාංශය - ඩෙංගු මර්ධන වැඩසටහන

Monsoon Preparedness Meeting 06-05-22 11  Monsoon Preparedness Meeting 06-05-22 7 Monsoon Preparedness Meeting 06-05-22 6 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079