Monsoon Preparedness metting 2022  3අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණ කිරීම සඳහා වු ආපදා පෙරසුදානම් සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අරමුණු කර ගනිමින් කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්විම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී 26 වන දින පවත්වන ලදි.

නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් දිස්ත්‍රික්කය තුළ ඇති විය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආපදා හදිසි ප්‍රතිචාර දැක්විම සදහා අවශ්‍ය සම්පත් පිළිබද හා පවතින අඩුපාඩු අවම කරගනිමින් අපදා තත්වයක දී ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සහ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්විම සදහා පාර්ශවකාර ආයතන නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි විය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052