2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මස 26 දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇත. සුනාමි ව්‍යසනය සිදු වී වසර 13 ක් ගත වූ 2017.1226 දින සර්ව ආගමික වැඩසටහන් සහිතව ජාතික සුරක්ෂිතා දින ජාතික වැඩසටහන ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වැත්විණි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර, ආපදා කළමනාකරණ ම්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජී. එල්. එස් සේනාධීර, 58 සේනාංකාධීපති මේජර් ජෙනරාල් සුගත් පෙරේරා යන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික සුරක්ෂිතා දින ජාතික වැඩසටහනට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය. ත්‍රිවිධ හමුදාව සහ පොලිස් දෙපාර්තමේන්තුවේ අචාරය සමග පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී සුනාමියෙන් මියගිය පිරිස වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීය.

ආපදා වලින් වැළකිම පිළිබද ජනතාව දැනුවත් කිරීම සහ ආපදා වලින් මියගිය ජනතාව සිහිපත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් දිවයින පුරා සර්ව ආගමික වතාවත් සිදු කෙරිණි . එසේම ජාතික සුරක්ෂිතා දිනයේ දී සියලු ආපදාවලින් මියගිය ජනතාව සහිකරමින් සැමරුම් වැඩසටහන් සියලු දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විය.

වසර 13 කට පෙර සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් ජීවිතක්‍ෂයට පත්වූ සියලු දෙනා සිහි කිරීම සඳහා පෙරවරු 9.25 සිට 9.27 දක්‌වා විනාඩි දෙකක කාලයක්‌ නිශ්ශබ්දතාව පල කිරීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

safety day2 safety day6 safety day8

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052