1st Aid Programme Kegalle 2022 Kudapaluwa 6කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් ජනතාව ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය විසින් සංවිධානය කරන ලදී.

ඒ අනුව පසුගිය වර්ෂයේ දී නිරිත දිග මෝසම් සක්‍රීය වීම නිසා ආපදා හානි වාර්තා වු කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි නාය යෑම් හා ගංවතුර ආපදාවට ලක් වු ග්‍රාම නිළධාරි වසම්වල දැඩි අවදානම් ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාව හදිසි ආපදා තත්වයක දී පීඩාවඩපත් පිරිස් සදහා ප්‍රථමාධාර ලාබා දීමේ දී අනුගමන කළ යුතු ප්‍රථමාධාර විධි පිළිබඳ පුහුණු හා දැනුවත් කිරිම මෙම වැඩසටහන් මාලාව තුළින් සිදු කෙරිණි.

ආපදා අවස්ථාවක දී අනුගමනය කළ හැකි ප්‍රථමාධාර විධි පිළිබදව දැනුවත් කිරිම, ආපදාවකට ලක් වු පුද්ගලයකු ගේ ජීවිත බේරා ගැනීම සදහා කටයුතු කිරීමේ ක්‍රියාවලිය තුළ ප්‍රථමාධාර වල වැදගත්කම, නිසි දැනුවත් භාවයක් නොමැතිව ආපදාවට ගොදුරු වු පුද්ගලයකු සදහා ප්‍රථමාධාර ලබාදීමට යෑම නිසා සිදුවිය හැකි හානි, ප්‍රථමාධාර ක්‍රම සම්බන්ධයෙන් සිද්ධාන්තික කරුණු සහ ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම මෙම වැඩ සටහන් මාලාවට ඇතුලත් විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාව සදහා කෑගල්ල දිස්ත්‍රික් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, රඹුක්කන සහ වරකාපොළ ප්‍රාදේශීය ලේකම්කාර්යාල ඇතුලු රාජ්‍ය ආයතන නිළධාරීන් සහභාගී විය.

1st Aid Programme Kegalle 2022 Kudapaluwa 8  1st Aid Programme Kegalle 2022  Elamaldeniya 7  1st Aid Programme Kegalle 2022 Weniwela Kaduwa 2

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052