නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම හා ආපදා අවදානම් තත්වයෙන් ජනතාව මුදවාගැනීම අරමුණු කර ගනිමින් ආපදා පෙරසුදානම් හා සැලසුම් සකස් කිරීම, පවතින සැලසුම් යාවත්කාලීන කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි.
ඒ අනුව නුවරඑලිය දිස්ත්‍රිකයේ දැඩි ආපදා අවදානම් සහිත ග්‍රාම නිළධාරී වසම්වල ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු යාවත්කාලීන කිරීම සහ නිරිත දිග මෝසම් වර්ෂා සමය ආරම්භවීමත් සමග ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව ජනතාව දැනුවත් කිරීම පසුගිය මාර්තු 21 දින සිදු කරන ලදී. ඊට අමතරව ප්‍රජා සහභාගිත්වය ඇතිව ග්‍රාමීය ආපදා පෙරසුදානම් සැලසුම් සකස් කිරීම හා උපද්‍රව සිතියම් සකස් කිරීම හා ප්‍රජාව වෙත ලබා දී ඇති වර්ෂාමාන භාවිතා කිරීම තුළින් වර්ෂාපතනය මැනීමත් හදිසි අවස්ථාවක දී ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමේ ක්‍රමවේදය පිළිබදවත් රැස්ව සිටි ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදි.