Navy training  DMC 04-04-22 6ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යාපීඨයෙහි මුලික සන්නිවේදන සුදුසුකම් පාඨමාලාව හදාරණ ශ්‍රී ලංකා නාවික හමුදා සෙබල කණ්ඩායමක් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (04) ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ භාවිතා කරනු ලබන සංනිවේදන පද්ධති හා ක්‍රමෝපායන් පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් සහ හදිසි ඇමතුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.

සෙවීම් හා මුදවා ගැනීම් සහ ආපදාවට ලක්වන ජනතාවගේ මුලික අවශ්‍යතා සපුරාදීමේ දී පවතින සංනිවේදන යාන්ත්‍රණය සහ සංනිවේදන පද්ධති ක්‍රියාත්මක වන ආකාරය, හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය හා හදිසි ඇමතුම් මැදිරියේ කටයුතු සිදු කරන ආකාරය පිළිබදව හොදින් හදාරා ජනතාවට වඩාත් හොද සේවයක් ලබාදීම සදහා සිය යෝජනා ලබාදිය හැකි බව සමාරම්භක අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අදහස් දක්වන ලදී.

Navy training  DMC 04-04-22 1  Navy training  DMC 04-04-22 2  Navy training  DMC 04-04-22 3

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079