1st Aid Programme 2022 Alla 4බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් හට ප්‍රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ බදුල් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය විසින් සංවිධානය කරන ලදී.

ආපදා අවස්ථාවක දී අනුගමනය කළ හැකි ප්‍රථමාධාර විධි පිළිබදව දැනුවත් කිරිම, ආපදාවකට ලක් වු පුද්ගලයකු ගේ ජීවිත බේරා ගැනීම සදහා කටයුතු කිරීමේ ක්‍රියාවලිය තුළ ප්‍රථමාධාර වල වැදගත්කම, නිසි දැනුවත් භාවයක් නොමැතිව ආපදාවට ගොදුරු වු පුද්ගලයකු සදහා ප්‍රථමාධාර ලබාදීමට යෑම නිසා සිදුවිය හැකි හානි, ප්‍රථමාධාර ක්‍රම සම්බන්ධයෙන් සිද්ධාන්තික කරුණු සහ ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ විය. ඒ අනුව බදුල් දිස්ත්‍රික්කය තුළ පවතින ආපදා අවදානම හදුනාගනිමින් හදිසි ආපදා ප්‍රතිචාර දැක්වී වෙනුවෙන් පෙරසූදානම්වීම පිළිබද රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු විය.

1st Aid Programme 2022 Alla 8   1st Aid programme 2022 Uwa Paranagame 6   1ts Aids   2022 Megahakiula 2

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079