ආපදාවකට ගොදුරු වු ජනතාව මුදවාගැනීම සදහා වන හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමින් හදිසි මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරමින් පවතී. රත්නපුර දිස්ත්‍රික්කය වාර්ෂිකව ගංවරතුර හා නායයාම් යන ආපදාවලට ගොදුරු වන දිස්ත්‍රික්කයක් වන අතර නිරිත මෝසම් ක්‍රියාත්මකවීමත් සමග දැඩි ගංවතුර ආපදා අවදානම තත්වයක් නිර්මාණය වේ. දැඩි ආපදා අවදානමක් සහිත දිස්ත්‍රික්කයක් වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීමේ සදහා දිස්ත්‍රික් හදිසි මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
ස්ථාපිත කර ඇති හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය සහ දිස්ත්‍රික් හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ ක්‍රියාවලිය සහ දිස්ත්‍රික්කයේ පවතින ආපදා පෙර සූදානම සහ එහි පවතින අඩුපාඩු සොයාබැලීමටත් එම අඩුපාඩු නිවැරදි කර දිස්ත්‍රික්කය තුළ වාසය කරන ජනතාවගේ දේපළ හා ජීවිත සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය නිරීක්ෂණය කිරීම පසුගිය දා සිදු කෙරිනි.
මෙම අවස්ථාවේ දී දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් දිස්ත්‍රික්කයේ පවතින පෙරසුදානම සහ රත්නපුර දිස්ත්‍රික්කය තුළ ආපදා අවදානම් අවම කර ගැනීම සදහා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සහ අත්කර ගත යුතු ඉලක්ක පිළිබද යෝජනා ඉදිරිපත් කරන ලදී.