2ගම්පහ දිස්ත්‍රික්කයේ යුධ හමුදා සෙවීම් හා මුදවාගැනීම් කණ්ඩායම් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් මීරිගම මා ඔය වැව ආශ්‍රිතව පසුගිය දා පවත්වන ලදී.

නිරිත දිග මෝසම් හේතුවෙන් ගංවතුර ආපදා අවදානමට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේ දී සක්‍රීය වන මෝසම් වැසි සමය තුළ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා මෙම පුහුණු සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ තුළ රාජකාරි කටයුතු සිදු කරන 141 සේනාංකයට අනුයුක්තව සේවය කරන යුධ හමුදා සාමාජිකයින් 70 දෙනෙකු මෙම පුහුණුව සදහා සහභාගී විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලදී.

  Gampaha Life Saving Training 2022 M Oya  2  Gampaha Life Saving Training 2022 M Oya  1  Gampaha Life Saving Training 2022 M Oya  3

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079