IMG-20220323-WA0021රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාකාරී යෞවන සමාජ සාමාජිකයන් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇති අතර එම වැඩසටහන යටතේ පුහුණු වැඩසටහන් 02 ක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිතව පසුගිය දා පවත්වන ලදී.

නිරිත දිග මෝසම් හේතුවෙන් ගංවතුර ආපදා අවදානමට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේදී සක්‍රීය වන මෝසම් වැසි සමය තුළ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා මෙම පුහුණු සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිනි.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිළධාරීන්ගේ සම්පත් දායකත්වය පැවැත් වු මෙම පුහුණු වැඩසටහන සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ නිවිතගල යන ප්‍රාදේශීය ලේකකම් කොට්ඨාශවල ක්‍රියාත්මක යෞවන සමාජ සාමාජිකයින් 80 දෙනෙකු සහභාගී විය. සාර්ථකව මෙම පුහුණුව අවසන් කළ සෑම කෙනෙකුටම සහතික පතක් පිරි නැමීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලදී.

IMG-20220317-WA0099  IMG-20220317-WA0028  Life Saving Programme Rathnapura  Niwithigala 2022   8

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052