ත්‍රිවිධ හමුදාවට වෙත සහ විවිධ පාර්ශවකාර ආයතන වෙත ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය උපකරණ ලබා දීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. එළබෙන නිරිත දිග මෝසම් වර්ෂා සමයේ දී ඇතිවිය විය හැකි ආපදා අවදානම් තත්වයක දී ජන ජීවිතයට සිදුවිය හැකි පීඩාකාරී තත්වය අවම කර ගැනීම සදහා විවිධ පාර්ශවකාර ආයතන වෙත ලබා දී ඇති උපකරණ භාවිතා කිරීම පිළිබද හා එම උපකරණ නඩත්තු කිරීම පිළිබදව සිද්ධාන්තික සහ ප්‍රායෝගික දැනුම ලබාදීම පුහුණු වැඩමුලුවක් ආපදා කළමාකරණ මධ්යස්ස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් අනුව පසු ගිය දා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විනි.