පුත්තලම ගගේවාඩිය නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ පුහුණු මධ්‍යස්ථානයෙහි ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ පුහුණුව හදාරණ ශ්‍රී ලංකා නාවික හමුදා සෙබල කණ්ඩායමක් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (21) ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
සමාරම්භක අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය සහ වගකීම පිළිබදව අදහස් දක්වන ලදී.
එසේම සෙවීම් හා මුදවාගැනීම් සහ ආපදාවට ලක් වන ජනතාවගේ මුලික අවශ්‍යතා සපුරාදීමේ දී සම්බන්ධීකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව අවධාරණය කළ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ නාවික අනු කණ්ඩයක සේවය කරන භට පිරිස් ආපදා කළමනාකරණ පිළිබද දිගු කාලීන පාඨමාලා හැදෑරීමේ වැදගත්කම පිළිබදව වැඩිදුරටත් අවධාරණය කරන ලදී.