ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදා 61 වන බල සේනාංකයේ සෙවීම් හා මුදවා ගැනීම් කන්ඩායම් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නටත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනේ දෙවන වැඩසටහන සාර්ථකව නිම කරන ලදී.
මෙම තෙදින පුහුණු වැඩසටහන සහභාගී වු නිළධාරීන් හට සහතික පත් පිරිනැමීම අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (20) ඇඹිලිපිටිය යුධහමුදා ඉංජිනේරු පුහුණු පාසැල් ශ්‍රවනාගාරයේ දී පැවැත් විනි.