ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා අවස්ථාවක දී ඊට මුහුණදීම සඳහා දිස්ත්රික්කය තුළ පවතින තාක්ෂණික උපකරණවල ක්රියාකාරිත්වය පරීක්ෂා කිරීම හා එම උපකරණ නිරන්තරයෙන් ක්රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කලුතිර දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් පසුගිය දා පැවැත් විනි.
මෙම වැඩසටහන යටතේ නිරිත දිග මෝසම් වර්ෂාපතනය හේතුවෙන් සිදුවිය හැකි ගංවතුරු ආපදා තත්ත්වයට සාර්ථකව මුහුණදීම වෙනුවෙන් පෙර සුදානම්වීම සඳහා කළුතර දිස්ත්රික්කය තුළ විවිධ ආයතනයන සතුව පවතින යාත්රාවන්වල OBM (පිටත දහන යන්ත්රය) පරීක්ෂා කිරීම ශ්රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික උපදේශකත්වය යටතේ ක්ෂණික ප්රතිචාර මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ (42) බලඝනයට අයත් කළුතර දකුණ නාවික හමුදා කඳවුරේ දී පවත්වන ලදී.