Kandyඅධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනවල සහභාගීත්වයෙන් “සුරක්ෂිත පාසලක් තුළින් සුරක්ෂිත ප්‍රජාවක්” තේමාව යටතේ පාසල් හා ප්‍රජාව සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය අනුගත කිරීමේ ජාතික වැඩසටහන පළාත් මට්ටමින් ක්‍රියාකාරී නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් සංවිධානය කර ක්‍රියාත්මක කරමින් පවතී.

මෙම වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යභට බලකාය ද ඇතුළුව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන පිළිබදව මධ්‍යම පළාත් නිළධාරීන් දැනුවත් කිරීම සහ දිස්ත්‍රික් මටිටමින් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම මාර්තු මස 16 දින පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත් විනි.

මෙම වැඩසටහන සදහා අධ්‍යාපන අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනයන්හි නිළධාරීන් සහභාගී වූ අතර පුහුණුකරුවන් වශයෙන් තෝරාගන්නා නිළධාරීන්ගේ කාර්යභාරය හා වගකීම් පිළිබ‍ඳ මාර්ගෝපදේශය හා දිස්ත්‍රික් මට්ටමේ කළමනාකරණ කේන්ද්‍රීය නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යභාරය හා වගකීම් පිළිබද මාර්ගෝපදේශ පිළිබද නිළධාරීන් දැනුවත් කිරීම සහ අදාල දිස්ත්‍රික් නියෝජිතයින් විසින් දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සිදු කරන ලදී.

Kandy 2  Kandy 4  Kandy 5

Kandy 6  Kandy 7  Kandy 8

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052