ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
මෙම වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් ගංවතුර ආපදා අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල රාජ්‍ය නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නඩත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දීමේ පුහුණු වැඩසටහනක් පසුගිය දා දැදුරුඔය ජලාශය ආශ්‍රිතව පැවැත් විනි.
දැදුරුඔය සහ මා ඔය ගංගා ආශ්‍රිතව වාර්ෂිකව ගංවතුර තර්ජනයට ලක් වන අලව්ව, නාරම්මල, පන්නල, උඩුබද්දාව, බිංගිරිය, හෙට්ටිපොළ, කොබෙයිගනේ, නිකවැරටිය සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල රාජ්‍ය නිලධාරින් සහ මෙම ප්‍රදේශවලට අනුයුක්තව සෙවීම් සහ මුදවාගැනීම් කාණ්ඩයන් හි සේවය කරනු ලබන පොලිස් නිලධාරින් සහ යුධ යුධහමුදා නිලධාරින් මෙම පුහුණුව සදහා සහභාගී විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදි.