ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදා 61 වන බල සේනාංකයේ සෙවීම් හා මුදවා ගැනීම් කන්ඩායම් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නටත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දීමේ පුහුණු වැඩසටහනක් සැලසුම් කර ඇති අතර එම වැඩසටහනේ පළමු වැඩසටහන අද දින (10) ඇඹිලිපිටිය යුධහමුදා ඉංජිනේරු පුහුණු පාසැලේ දී ආරම්භ කරන ලදී.