සුනාමි ආපදා තත්වයක දී ශ්‍රී ලංකාවේ වාසය කරන සියලු ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දිවයිනේ වෙරළ කලාපය ආවරණය වන පරිදි සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණු ස්ථාපිත කර ඇත.අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දෛනිකව මෙම කුළුණුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.
සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණු ක්‍රියාකාරීත්වය සහ නඩත්තු කටයුතු විධිමත්ව සිදු කිරීම පිළිබදව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකයේ මෙහෙයවීම යටතේ කටුකුරුන්ද - ශාන්ත පිලිප් දේවස්ථානයේ දී පසුගිය දා දෙදින පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රි ලංකා යුධ, නාවික හමුදා පොලිස්, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණුවල ක්‍රියාකාරීත්වය පිළිබද ස්ථානීයව පරීක්ෂා කිරීම පිළිබදව සහ කුළුණු නඩත්තු කටයුතු පිළිබදව ප්‍රායෝගිකව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.