කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ආපදා අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ජීවිත ආපදාවක දී සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් ප්‍රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ ගිය දා (24) සංවිධානය කරන ලදී.
දිස්ත්‍රික්කය තුළ පවතින ආපදා අවදානම හදුනාගනිමින් ආපදා පෙර පුහුණුවීම් සහ ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා පෙර සූදානම්වීම පිළිබද දැනුවත් කළ අතර ආපදාවක දී ප්‍රථමාධාර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුවක් ද මෙම එක්දින පුහුණු වැඩ සටහනට ඇතුලත් විය. වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් බළ ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් 50 ක් දෙනෙකු මේ සඳහා සහභාගීවන ලදි.