සුනාමි අනතුරු ඇඟවීමේ අවස්ථාවක දී පුද්ගලයින් ඉවත් කර ගැනීම සඳහා ජාතික මට්ටමේ සැළසුමක් සකස් කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීම සම්බන්ධව වැඩ මුලුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමා වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ඒම්එස්සී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ ශ්‍රවනාගාරයේ දී ජනවාරි මස 25 වන දින පැවැත්විණි.
සුනාමි අවස්ථාවක පුද්ගලයින් ඉවත් කිරීමේ සැළැස්මක අවශ්‍යතාවය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරුන් ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළු වේ දී සුනාමි අනතුරු ඇගවීමක දී ග්‍රාම සේවා වසම් මට්ටමින් ජනතාව ඉවත් කර ගැනීමේ සැළසුමක් නිර්මාණය කිරීමත්, එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව අධ්යක්ෂ ජෙනරාල්තුමන් පෙන්වා දුන් අතර ත්‍රිවිධ හමුදාවට තම බල ප්‍රදේශයේ ග්‍රාමසේවා මට්ටමින් සුනාමි අනතුරු ඇඟවීම් අවස්ථාවකදී පුද්ගලයින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සැළසුම් සකස් කිරීමට උපදෙස් උපදෙස් ලබා දෙන ලදී.
ඉන් පසු මෙම සැළසුම අශ්‍රයෙන් ප්‍රාදේශීය ලේකම් මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් හා ජාතික මට්ටමේ සැළසුමක් සකස් කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධවීමේ අවශ්‍යතාවය පිළිබඳ පැහැදිලි කරන ලදි. එම සැළැස්ම ත්‍රිවිධ හමුදාවේ ඒ ඒ ප්‍රදේශ අයත් වන පරිදි පිළ්යෙල කර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මසක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස ද තවදුරටත් කරන ලදි.