DG visit  Ampara 2022-01-22 4අම්පාර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ පවතින පෙර සූදානම පිළිබඳව සහ එහි ඇති අඩුපාඩු නිවැරදි කිරීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ මහතා අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම අද දින සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් අවදානම් තත්වයන්ට මුහුණ දෙන ධීවර ප්‍රජාවගේ ගැටලු පිළිබද සොයා බැලීම සිදු කෙරුනු අතර ආපදා අවදානම් පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම පිළිබද සොයා බැලීම සිදු කෙරිණි. එසේම අක්කරෙයිපත්තු රෝහල කේන්ද්‍ර කරගනිමින් රෝහල් පෙරසුදානම් වැඩසටහනකට ද අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහභාගී විය.

මෙම අවස්ථාවට අම්පාද දිස්ත්‍රික් අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද එක් විය.

DG visit  Ampara 2022-01-22 8  DG visit  Ampara 2022-01-22 4  DG visit  Ampara 2022-01-22 5

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052