AMPARA VISIT 2022 - 01-22 6

අම්පාර දිස්ත්‍රක්කය විවිධ වූ ආපදාවන්ට ලක්වන දිස්ත්‍රික්කයක් මෙන්ම ඊසානදිග මෝසමට ලක්වන දිස්ත්‍රික්කයක් බැවින්ද දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ පවතින සූදානම පිළිබඳව සහ එහි ඇති අඩුපාඩු නිවැරදි කිරීම සඳහාත් අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම කළ අතර ඊට සමගාමීව ආපදා කළමනාකරන යාන්ත්‍රණය ශක්තිමත් කරමින් මහජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම සඳහා පුහුණු කරන ලද ආපදා කළමනාකරණ ස්වේච්ඡා සේවකයින් 200 කට ආසන්න ප්‍රමාණයකට සහතිකපත් ප්‍රදානයද අද දින රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා මගින් සහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.

රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉටු කරනු ලබන සේවය අගය කරමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින්  අම්පාර දිස්ත්‍රික් ජනතාවගේ ප්‍රනාමය පුදකරමින්  අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වෙත සමරු තිළිනයක් ද ප්‍රදානය කරන ලදී.

AMPARA VISIT 2022 - 01-22 5  AMPARA VISIT 2022 - 01-22 3  AMPARA VISIT 2022 - 01-22 7

AMPARA VISIT 2022 - 01-22 14  AMPARA VISIT 2022 - 01-22 11  AMPARA VISIT 2022 - 01-22 13  AMPARA VISIT 2022 - 01-22 15

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052