Sec. visite 2022 4රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ 2022 වර්ෂයේ රාජකාරී ආරම්භය සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ ආයතනික ප්‍රධානීන් ඇතුලු නිළධාරීන් ඇමතීම එම පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.

කෝවිඩ් 19 වසංගතය ලොව පුරා ව්‍යාප්තවෙමින් පැවති 2021 වර්ෂයේ මහත් දුෂ්කරතා මධ්‍යයේ උව ද තම ජීවිත අවදානම පවා නොතකා මෙම අමාත්‍යාංශයේ ආයතනික ප්‍රධානීන් ඇතුලු නිළධාරීන් කැපවීමෙන් කටයුතු කරමින් මහ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම කැපවීමෙන් කටයුතු කර තිබෙන බවත් ඒ සදහා ලේකම්තුමාගේ ප්‍රණාමය පුද කරන බවත් මෙම අවස්ථාවේ දී පැවසීය.

එසේම එම කැපවීම පිළිබදව රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, අමාත්‍ය මංඩලය ඇතුලු සියළු පුරවැසියන් අගය කරන බව පෙන්වා දුන් ලේකම්තුමා අමාත්‍යාංශ ලේකම් වශයෙන් එය තමන් හට ද මහත් ආඩම්බරයක් බව පෙන්වා දෙන ලද අතර රාජ්‍ය නිළධාරීන් වශයෙන් රට වෙනුවෙන් ඉටුකිරීමට ඇති වගකීම නොපිරි හෙලා ඉටු කිරීමේ වැදගත් කම අවධාරණය කරන ලදී.

එසේම වර්තමානය වන විට රට තුළ කෝවිඩ් අවදානම අඩුවෙමින් පවතින නමුත් තමන් ආරක්ෂාවීමට කටයුතු කිරීම තුළින් නිවස, රැකියා ස්ථානය මෙන්ම රට ආරක්ෂා වන බවත් ඒ නිසා කෝවිඩ් උවදුර පාලනය කර ගැනීම සහය වන ලෙසත් ඒ සදහා නියමිත එන්නත් මා ත්‍රා ලබා ගැනීම සෑම නිළධාරියකුගේම වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් ලේකම්තුමා තව දුරටත් අවධාරණය කරන ලදී.

Sec. visite 2022 1  Sec. visite 2022 3  Sec. visite 2022 5

Sec. visite 2022 7  Sec. visite 2022 6  Sec. visite 2022 8

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052