ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනකට 2021.11.26 දින සහභාගී විය.
ආපදා කළම නාකරණක්රියාවලිය, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
මෙම අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වර්තමානයේ රට මුහුණ දී ඇති දරුණුතම ත්‍රස්තවාදය ආපදා බවත් එය පරාජය කිරීම සදහා ආපදා පෙරසුදානම සහ ජනතාව දැනුවත් කිරීම ප්රමුඛ කාර්ය බවත් පෙන්වා දෙන ලදී. ඒ සදහා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටින බව පැවසු අධ්යක්ෂ ජෙනරාල්තුමා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ සෙවීම් සහ මුදවා ගැනීම් සිදුකිරීමේ දී ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ වෙත ඇති වගකීම නියමාකාරයෙන් වටහා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.
තව ද ආපදා කළමනාකරණ ක්‍රියාවලියට සම්බන්ධ වන නියෝජිතයින් වශයෙන් රාජකාරි වේලාව තුළ පමණත් නොව ඕනෑම අවස්ථාවක රටේ පුරවැසියෙකු වශයෙන් ආපදාවලින් තොර සුරක්ෂිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙහි දී අධ්යක්ෂ ජෙනරාල්තුමා විසින් අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව ආවරණය කරන ලද ඡායාරූප https://www.facebook.com/dmc.gov.lk/ හි පළ කර ඇත.