ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ සෙවීම් සහ මුදවාගැනීම් පිළිබද පුහුණු පාඨමාලාව හදාරණු ලබන ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාරකණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2011.11.25 දින සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සහ නෛතික පසුබිම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වගකීම සහ කාර්යභාරය සහ ආපදා කළමනාකරණය ක්‍රියාවලියේ දී අනුගමනය කරනු ලබන හදිසි මෙහෙයුම් ක්‍රමවේද යනා දී විෂය ක්ෂේත්‍ර මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබද මෙම පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.