ඉදිරියේ දී ඊසාන දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යසථානය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් 2021 නොවැම්බර් මස 16 වන දින දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගිය වසර වල දී ඊසාන දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් එලඹෙන මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතන වල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කරලීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම මෙම දැනුවත් කිරීමේ මූලික අරමුණ විය.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇද හැලුණු වර්ෂාව නිසා දිවයිනේ බොහෝ ජලාශ සහ ගංගා වල ජල මට්ම ඉහළ ගොස් පවතින බවත් මහවැලි ජලාශ ජල මට්ටම මේ වන විට සම්පුර්ණයෙන් ම පිරී ඇති බැවින් ඉදිරියේ දී ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග මහවැලි ගංගාවේ ජල මට්ටම වැඩිවිය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී.
ඊසාන දිග මෝසම් සක්‍රීය වීමත් සමග ඇති විය හැකි ආපදාවන් හා ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අදාල ආයතන හා පාර්ශවයන් දැනුවත් කිරීමත් පූර්ව සූදානම කසිට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමෙහි වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කළ අතර මේ වන විටත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සෙවීම් සහ මුදවා ගැනීම් කණ්ඩායම් අනුයුක්ත කිරීමට අවශ්‍ය සම්බන්ධිකරණය සිදු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පෙන්වා දෙන ලදී. එසේම පවතින කෝවිඩ් - 19 අවදානම් තත්වය හේතුවෙන් ආපදාවක දී කටයුතු ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීම හේතුවෙන් මෙවර පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අවතැන් වු ජනතාව ඥාතීන් හෝ හිතවතුන්ගේ නිවෙස්වලට යෑමට කටයුතු කර ඇති බවත් අධ්යක්ෂ ජෙනරාල්තුමා තවදුරටත් පෙන්වා දෙන ලදී.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සම්බන්ධ වූ අතර ත්‍රිවිධ හමුදා‚ රාජ්‍යය නොවන ආයතන හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී විය.