ඉදිරියේ දී සක්‍රිය විය හැකි ඊසාන දිග මෝසම් තත්වය සක්‍රීයවීම නිසා ඇතිවිය හැකි ආපදා අවම කරගැනීම සදහා දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්කර පෙරසුදානම් හා සම්බන්ධීකරණ ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උපදෙස් ලාබ දී ඇත.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ෂවකාර ආයතන සහභාගීත්වයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පසුගිය දා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිව දා පැවැත්විණි.
වර්තමානයේ පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වන බැවින් ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්වය කළමනාකරණය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව මෙහි දී සොයාබලන ලදී.
ඒ අනුව දැඩි අවදානම් ප්‍රදේශ සදහා වැඩි අවධානයක් යොමු කිරීමට ත් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ත් මෙහි දී කමිටුව විසින් තීරණය කරන ලදී.