නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගංගරාගොල්ල නායයාම් අවම කිරීමේ ව්‍යාපෘතිය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේහි කඳු සහිත දැඩි බැවුම් ප්‍රදේශයක ගංරාගේල්ල ගම පිහිටා ඇත. මෙම ගම්මානයට ඉහළ කඳු සහිත ප්‍රදේශයේ භූමිය අස්ථාවර විමෙන් නිරන්තරයෙන් නායයෑම් හා ගල් පෙරලිම් ආපදා හේතුවෙන් නිවාස, දේපළ හා ජිවිත හානි වාර්තා විය. පැවති නායයාම් ආපදා අවදානම් තත්වය අවම කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනෙරාල්ගේ සෘජු මැදිහත්වීම යටතේ මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් නායයාම් ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියක් 2021 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන මත ආරම්භ කිරීමට සැලසුම් කෙරිණි. ගංගරාගොල්ල නායයාම් අවම කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 21.6 වැය වන අතර අද දින (10) වනජිවී හා වන සම්පත් ගරු අමාත්‍ය සි.බි.රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වෙන් ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරිණි.
2020 වර්ෂයේ නොවැම්බර් මස වැසි සමයත් සමඟ ගංරාගාල්ල ප්‍රදේශයේ ගල් පෙරලිමක් සිදු වු අතර ජාතික ගොඩනැගිළ පර්යේෂණ සංවිධාන විසින් මෙම ගම්මානය පරික්ෂාවට ලක්කර දැඩි අවදානම් සහිත පවුල් 02 ක් මධ්‍ය අවදානම් පවුල් 07 ක් අඩු අවදානම් පවුල් 03 හදුනාගෙන මෙම ප්‍රදේශයේ ගල් පෙරලිම හා නායයෑම් අවම කිරීම සදහා නිර්දේශ ලබා දී ඇත. වර්තමානය වන විට මෙම ප්‍රදේශයේ පවුල් 87 ක් පමණ ජීවත් වේ. එසේම වර්ෂා කාලයේ දී මඩුල්ල උතුර ග්‍රාම නිලධාරි වසමේ විවේකාර විහාරස්ථානයේ සුරක්ෂිත කඳවුරක් ස්ථාපිත කර මෙම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරිම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලබන අතර වැසි සහිත දිනයන්හි දී ජිවිත අවදානමෙන් ජිවත්විමෙන් එම අයගේ දෛනික ජිවිතයට මෙන්ම ඔවුන්ගේ පවුල් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබිණි.
අවදානමට ලක් ව ඇති ජනතාවගේ ජීවත සහ දේපළ වලට එල්ල වී ඇති අවදානම අවම කරමින් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවිමට අරමුණු කරගනිමින් ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ අධික්ෂණය යටතේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑලිය ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.