හානි අවම කිරීම, පෙර සූදානම, හදිසි මෙහෙයුම් සහ පශ්චාත් ආපදා ක්‍රියාකාරකම් වැනි ප්‍රධාන අදියරවල අරමුණුගත සියලුම ක්‍රියාකාරකම් සඳහා මගපෙන්වීම් සිදුකරන ලියවිල්ල ජාතික ආපදා කළමනාකරණ සැලසුම යනුවෙන් හැඳින්වේ. එකී අදියරයන්හි අවශ්‍ය පුහුණුව, මහජනතාව දැනුවත් කිරීම සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ද මෙමගින් ආවරණය කෙරේ.

මෙම සැලසුම භාවිතා කරනු ලබන සියළුම පාර්ශ්වකරුවන් වශයෙන්, ජාතික සහ පළාත්  ආයතන, පරිපාලන (පළාත් සහ දිස්ත්‍රික්)නිලධාරීන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් සහ අදාල පුද්ගලයින්, ප්‍රජා නායකයින්, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන, වෘත්තීය සංවිධාන සහ මහජන නියෝජිතයින් හැඳින්විය හැක.

අනෙකුත් අදාල ජාතික ප්‍රතිපත්ති සමග ඒකාබද්ධව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කරනු ලැබේ. පනත මගින් උපරිම අන්දමින් උපාය මාර්ග සකස් කිරීම උදෙසා මෙම සැලසුම සකස් කිරීමේදී පනතේ දක්වා ඇති විෂයයන් ආවරණය කෙරෙන, අනෙකුත් ක්ෂේත්‍රවල සැලසුම් සහ උපාය මාර්ගයන් සැලකිල්ලට ගනු ලබන අතර, එහිදී කිසියම් අඩුපාඩුවක් සිදුව තිබේ නම් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී එවැනි සැලසුම් සහ ප්‍රතිපත්ති හඳුනාගනිමින් ඒවා සැලකිල්ලට ගනු ලැබේ. සියලුම රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන ඒවායේ සැලසුම් සකස් කිරීමේදී මෙම සැලසුමට අනුව සලකා බැලිය යුතුව ඇත. පළාත් සහ ප්‍රාදේශීය පරිපාලන ආයතන, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ද සැලසුම් සකස් කිරීමේදී ඊට අනුකූල විය යුතුය. සියළුම ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන සහ බිම් මට්ටමේ සංවිධානවල මෙහෙයුම් සැලසුම් ද ජාතික ආපදා කළමනාකරණ සැලසුම සමග ක්‍රියාත්මක විය යුතු වේ.

මෙකී සියළු මට්ටම්වල සහ විවිධ ක්ෂේත්‍රවල සියලු සැලසුම් ජාතික ආපදා කළමනාකරණ සැලසුම සහ හදිසි මෙහෙයුම් ජාතික සැලසුමට අනුකූල විය යුතු අතර පහත සඳහන් සංරචකයන්ගෙන් සමන්විත විය යුතු වේ :

  • අවදානම් ඇගයීම
  • ආපදා වලක්වා ගැනීමේ සහ අවම කිරීමේ සැලසුම
  • හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා ආපදා පෙර සූදානම් සැලසුම (DPPER)
  • අවිනිශ්චිතතාව කළමනාකරණය කිරීමේ සැලසුම
  • ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ සැලසුම

සියලු මට්ටම්වල හා සියලු අංශවල ආපදා කළමනාකරණ සැලසුම්වල අනුකූලතාවය

ඉලක්කය

ශ්‍රී ලංකාව තුළ වෙසෙන ප්‍රජාව, යටිතල පහසුකම්, ජීවනෝපාය පහසුකම්, නිවාස, කෘෂිකාර්මික දේපල, ආර්ථික හා සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා සිදුවන ආපදා බලපෑම් අවම කිරීම

අපේක්ෂාව

සමස්ථ අරමුණ සපුරා ගැනීම උදෙසා ජාතික ආපදා කළමනාකරණ සැලසුම ක්‍රියාත්මක තලයට පරිවර්තනය කිරීම.

අරමුණු

දැනටමත් වර්ධනය කර ඇති ක්‍රමවේදයන් හා සංකල්ප භාවිතයෙන්, ක්‍රියාත්මකව පවත්නා ආයතන වෙත පැවරී ඇති කාර්යයන් හා ධාරිතා හඳුනාගනිමින් හා ඇගයීමට ලක්කරමින්, ඒවායේ ක්‍රියාකාරීත්වය ඵලදායී අන්දමින් ඉහල නැංවීම සඳහා බහු ක්ෂේත්‍රීය සහ අන්තර් ආයතන ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකාවේ ආපදා අවදානම් කළමනාකරණ(DRM) යාන්ත්‍රණ/පද්ධති ස්ථාපිත කිරීම.

මෙම ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම මගින්, වසර 5ක කාලසීමාවක් සඳහා සමස්ථ ආපදා කළමනාකරණ ක්‍රියාදාමය ආවරණය වන පරිදි, ආපදා අවදානම් කළමනාකරණ රාමුව ස්ථාපිත කිරීම හා බහුවිධ ප්‍රවේශයක් සහිතව රටතුළ අදාළ වැඩසටහන් උදා., බහු-ක්ෂේත්‍රීය, අන්තර් අමාත්‍යාංශගත සහ අන්තර් ආයතන, බහු-පාර්ශ්වකාර සහභාගීත්වයක් තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කළමනාරණ සැළසුම්, සබඳතා, යාන්ත්‍රණ, උපාය මාර්ග හා අදාළ කාල වකවානු යනාදී සියල්ල ආවරණය කරනු ලබයි. එමගින් සියළු මට්ටම්වල ආපදා අවදානම් කළමනාකරණය (DRM) සඳහා පහත දැක්වෙන අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සමග පරිපූර්ණව කටයුතු කරයි :

  1. පූර්ව සිදුවීම් පියවර
    1. උපද්‍රව තක්සේරු කිරීම, දුර්වල සහ අවදානම් විශ්ලේෂණය / ඇගයීම, පර්යේෂණ, දත්ත පදනම්
    2. අවම කිරීම
    3. පෙර සූදානම

II. හදිසි ප්‍රතිචාර පියවර ( බලපෑම සිදුවූ වහාම හා අදාල කාලසීමාව තුළ අනුගමනය කළයුතු පියවර)

III. පශ්චාත් ආපදා පියවර (ආපදාවට පසු මධ්‍ය කාලීන හා දිගුකාලීන), සහන හා වන්දි ගෙවීම, අලාභ සහ හානි ඇගයීම, පුනරුත්ථාපනය, ප්‍රතිසංස්කරණය, මානසික සහ පීඩාකාරී තත්වයන් සඳහා උපදේශනය, පැවැත්ම සඳහා තීරණාත්මක තත්වයන්ට මුහුණ දෙන ප්‍රජාව නැවත ගොඩනැගීම සඳහා දිගුකාලීන සහාය ලබාදීම.

මෙම සැලසුම මගින් 2018 සිට 2030 දක්වා වසර 13 ක කාල රාමුව සැලකිල්ලට ලක්කොට ඇති අතර 2018-2023 දක්වා පස් අවුරුදු කාල සීමාවක් සදහා පළමු අදියර ක්‍රියාක්ම කෙරේ. සැලැස්ම වැඩිදියුණු කිරීමේදී සියළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ලබාගන්නා අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරෙනු ඇත. වසර 5කට පසු සිදු කෙරෙන සමාලෝචනයකින් පසුව, බරපතල ව්‍යසනයකින් පසුව හෝ ඒ හා සමාන ඕනෑම අවස්ථාවකදී සැලසුම වෙනස් කිරීම සඳහා රට තුළ ඒ සම්බන්ධයෙන් ඉල්ලුමක් පවතින විට සැලසුම වැඩිදියුණු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වගකීමක් වේ.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052