පර්ල් එක්ස්ප්‍රස් නෞකාව අනතුරට ලක්වීම නිසා මුහුදට එක්වු අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර.
පර්ල් එක්ස්ප්‍රස් නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් මුහුඳට එක්වු රසායනික හා රසායනික නොවන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාන්විතය අද දින (27)පරිසර අමාතාංශය, නාගරින සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාල පළාත් පාලන ආයතන එක්ව දියත් කරන ලදි.
මේ අනුව දෛනිකව වෙරළ තීරයට එක් රැස්වන අපද්‍රව්‍ය ආරක්ෂිතව ඉවත් කිරීම සහ වෙරළ තීරය තුළ එක්රැස්වන රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අධීක්ෂණයෙන් ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරනු ලැබේ.
එම කටයුතු සොයා බැලීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිළධාරින් මීගමුව සිට කොළඹ දක්වා වූ වෙරළ තීරයේ ක්ෂේත්‍ර පරික්ෂාවක නිරත විය.